Home Tech News Events නවතම Samsung Galaxy S22 දුරකථන පෙළ පෙබරවාරි 9 වනදා නිකුත් වන බව වාර්තා වේ
EventsPhonesTech News

නවතම Samsung Galaxy S22 දුරකථන පෙළ පෙබරවාරි 9 වනදා නිකුත් වන බව වාර්තා වේ

Share
blank
Share

Samsung විසින් ඔවුන්ගෙ ඊලඟ Unpacked event එකේ දිනය සහ වේලාව මේ වෙද්දි තහවුරු කරල තියනවා. පෙබරවාරි 9 බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට මේ event එක නරඹන්න අවස්ථාව ලබාදීල තියනවා. මේ සැරේ හඳුන්වලා දීල තියන invitation එකේ විශාල “S” අකුරක් එක්ක “The Epic Standard” යන වාක්‍ය ඇතුලත්. මේකෙන් කියවෙන්නෙ අලුත්ම Galaxy S22 දුරකථන පෙලේ එළි දැක්වීම කියල හිතාගන්න එක අමාරු නෑ. ඒ වගේම Samsung විසින් දැනටමත් ඉඟි කරල තියන විදිහට අලුත් S-series Ultra දුරකථනයකුත් මේ event එකේදි හඳුන්වාදේවී. මේ Ultra series එක Samsung Note දුරකථන පෙල වෙනුවට හඳුන්වාදෙන්න බොහෝවිට ඉඩ තියනවා.

හැමදාම වෙනව වගේම S22 දුරකථන වලත් leaks පසුගිය මාස කිහිපයේම අන්තර්ජාලයේ අපිට දකින්න ලැබුනා. ඒවට අනුව S22 Ultra දුරකථනයේ Note දුරකථන තිබුන වගේ S-Pen එක ඇතුලත් කල හැකි silo එකක් දකින්න පුලුවන් වේවී. ඒ වගේම S22 දුරකථනයේ display එක අඟල් 6.1ක් වේවී කියල වාර්තා වෙනවා, මේක S21 වල තිබුන අඟල් 6.2 ක screen එකට වඩා තරමක් පොඩියි. පසුගිය අවුරුද්දෙ S21 වලට වඩා ලොකු feature හෝ design වෙනසක් මේ අලුත් S22 series එකේ දකින්න ලැබේවි කියල leaks වලින් නම් පෙන්නුම් කරන්නෙ නෑ, 2022 flagship performance වලට ගැලපෙන්න තරමක් වැඩි දියුණු කරපු S series එකක් අපිට මේ අවුරුද්දෙ බොහෝ විට දැකගන්න හැකි වේවී.

දැනටමත් S22 දුරකථන pre order කිරීම් ආරම්භ කරලයි තියෙන්නෙ. එහෙම නැතුව මේ දුරකථන වල සම්පූර්ණ විස්තරය දැනගන්න අවශ්‍යනම් පෙබරවාරි 9 තිබෙන Galaxy Unpacked event එක Samsung.com හරහා සජීවීව නරඹන්න හැකියාව තියනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...