Home Tech News RYZEN මදි අයට AMD VEGA….
Tech News

RYZEN මදි අයට AMD VEGA….

Share
blank
Share

හෙට ඒ කියන්නෙ 2017 මාර්තු 2 AMD Ryzen CPU එක නිකුත් වෙනව. ඒ අතරෙ ඊයෙ (පෙබරවාරි 28 වෙනිද) GDC 2017 event එකේදි AMD සමාගම එයාලගෙ අලුත් GPU එකේ තොරතුරු එළිදැක්වුවා.  Radeon RX Vega කියල හැදින්වෙන මේ GPU එක මිල සහ performance කියන ප්‍රධාන කරුණු දෙකෙන්ම සිත් ඇදගන්නා GPU එකක්. ඒ වගේම අලුත් HBCC තාක්ෂණයත් මේකෙ අඩංගු වෙනව.

GDC 2017 (Game Developer Conference) කියන්නෙ ලෝකයෙම game developers ල එකතු වෙලා එයාලගෙ අලුත්ම game, game engine සහ අලුත් technologies පෙන්වන, තොරතුරු බෙදාගන්න අවුරුද්දකට වතාවක් තියන event එකක්. මේ event එක gaming වලට ප්‍රධානවම බලපාන Graphics card නිපදවන Nvidia සහ AMD (Radeon) සමාගම් වලටත් ගොඩක් වැදගත්.

AMD Capsaicin & Cream event

GDC එකේ තිබුන AMD Capsaicin & Cream event එකේදි තමයි එයාල මේ අවුරුද්දෙ අග නිකුත් කරන්න නියමිත VEGA GPU එකේ demo එකක් පෙන්නුවෙ. VEGA GPU එකේ එන අලුත් feature එක තමයි High-Bandwidth Cache Controller (HBCC) කියන්නෙ. මේකෙන් කරන්නෙ දැනට computers වල තියෙන වේගවත් SSD, DRAM සහ Network storage කිසිම latency එකක් නැතුව GPU එකෙන් access කරල තමන්ගෙ Memory විදිහට පාවිච්චි කරන එකයි. ඒ කියන්නෙ අඩු GPU memory එකක් එක්ක එන Graphics Card එක gaming වලදි system එකේ memory අරන් performance වැඩි කරල දෙන එකයි. එහෙම කියල තේරුනේ නැත්නම් මෙන්න මෙහෙම කිව්වම හැමෝටම තේරෙයි.

Event එකේදි AMD Ryzen system එකක 2GB VEGA GPU එකක් හයි කරල Deus Ex: Mankind Divided play කරල පෙන්නුව. HBCC on කරාම Average FPS 50%ක් වැඩි උනා වගේම minimum FPS එක 100% කින් වැඩි උනා. AMD සමාගම කිව්වෙ මේ HBCC තාක්ෂණය එක්ක එයාලට මිලෙන් අඩු high performance GPU හදන්න පුලුවන් කියල. මොකද GPU RAM එක අවශ්‍ය වෙලාවට System memory වලින් වැඩි කරගන්න පුලුවන් නිසා AMD VEGA Graphics Card වලට 2GB වගේ memory එකක් හොදටම සෑහෙන නිසයි.

මේක Nvidia සමාගමට නරක ආරංචියක් උනාට Budget Gaming computers හදන අපිට නම් ඉතාමත් වැදගත් ආරංචියක්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...