Home Tech News Explained Internet Traffic වලට හේතු වන Porn Websites!
ExplainedInternetTech News

Internet Traffic වලට හේතු වන Porn Websites!

Share
blank
Share

අද තිබෙන වෙබ් අඩවි අතරින් 4%ක් පමණ අසැබි දේ ඇති වෙබ් අඩවි යැයි අන්තර්ජාල භාවිතය පිළිබඳව දත්ත ඉදිරිපත් කරන Statista ආයතනය විසින් පෙන්වා දී තිබෙනව. එනම් අසැබි වෙබ් අඩවි හත් කෝටි හැට ලක්ෂයක් අද අන්තර්ජාලයේ ක්‍රියාත්මකයි.

මෙම අසැබි වෙබ් අඩවිවලින් වෙන නරක සමාජ බලපෑම කොපමණදැයි මැන බලන්නට ක්‍රමයක් නැහැ. එය තාක්ෂණඥයින් උනන්දු වෙත විෂයක් නොවෙයි. එහෙත් මේ වෙබ් අඩවි නිසා අන්තර්ජාලය කෙතරම් තදබදයකට ලක්ව ඇත්දැයි ඔවුහු විමසා බලනව. මෙම තොරතුරු විමසා බලා Covenant Eyes සමීක්ෂණ ආයතනය පළ කළ වාර්තාවකින් පෙන්වා දී තිබෙන්නේ, මොබයිල් උපාංග ඔස්සේ කරන වෙබ් සෙවුම් අතරින් 20% ක් අසැබි දේ පිළිබඳ සෙවුම් බවයි. තාක්ෂණික විමසුම් ගැන වාර්තා පළ කරන ExtremeTech වෙබ් අඩවියේ පළ කළ වාර්තාවකින් පෙන්වා දී තිබෙන්නේ අන්තර්ජාල තදබදයෙන් (net traffic) 30%ක්ම ඇති වෙන්නේ අසැබි වෙබ් අඩවි නිසා බවයි.

මෙම වෙබ් තදබදය නිසා වෙළෙඳ ව්‍යාපාර, අධ්‍යාපන සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැනි ප්‍රමුඛතාව දිය යුතු වැඩවලට අන්තර්ජාලය කාර්යක්ෂමව යොදා ගැනීමේ හැකියාව ඇසිරී යනව. අසැබි වෙබ් අඩවි මඟින් ඇති කරනු ලබන අන්තර්ජාල තදබද කියන තරමට වඩා ඉතා වැඩි බව පෙන්වා දෙන්නෝද සිටිනව. ඔවුන් ඒ බව කියන්නේ අසැබි වෙබ් අඩවිවල පොදු හැසිරීම ගැන විමසා විවරණය කිරීමෙන් පසුවයි.

සාමාන්‍යයෙන් ගත්තම වෙනත් වෙබ් අඩවි මෙන් නොව අසැබ් වෙබ් අඩවි වල වෙබ් පිටු විශාල ප්‍රමානයක් තිබෙනව. ඇතැම් විට පිටු දහස් ගණනක් තිබෙනව. වෙබ් අඩවි පවත්වා ගෙන යන්නෝ දිනපතාම ඡායාරූප සහ වීඩියෝ බොහෝ ප්‍රමාණයක් වෙබ් අඩවියට එක් කරනව. වෙබ් පිටුවක විශාලත්වය සාමාන්‍ය සම්මත තරමට පවත්වා ගත යුතු නිසා මේ එක් කරන ඡායාරූප සහ වීඩියෝ පසු පසට යනව. එහෙත් ඒවා සංරක්ෂණය කරනවා මිස මකා දමන්නේ නැහැ. එනිසා වෙබ් අඩවියේ පිටු ගණන නිතිපතා වැඩි වෙනව.

එසේම මෙම වෙබ් අඩවි වල තිබෙන ඡායාරූප හා වීඩීයො ඉතා සුපැහැදිලි ඒවා. එනම් ඒවායේ දත්ත ප්‍රමාණය අති විශාලයි. මෙම ඡායාරූප සහ වීඩියෝ බලන විට හෝ ඩවුන්ලෝඩ් කර ගන්නා විට සාමාන්‍ය තරමට වඩා වැඩි වෙබ් තදබදයක් ඇති වෙනව. මෙතරම් දත්ත ප්‍රමාණයක් තුළින් කැමති දේ ලබා ගන්නට අසැබි වෙබ් අඩවි වෙත එන සෙනඟද අනෙක් ඒවාට වඩා වැඩියි.

කලින් සඳහන් කළ ExtremeTech වාර්තාවෙන් පෙන්වා දී තිබෙන්නේ මෙවැනි ප්‍රකට වෙබ් අඩවියකට දිනකට සෙනඟ කෝටි 10 ක් හෙවත් මිලියන 100ක්වත් එන යන බවයි. මෙසේ වෙබ් අඩවියට එන අයෙක්ට පහසුවෙන් ගැලවී යන්න බැහැ. මවුසයෙන් ක්ලික් කරන සෑම වාරයක් පාසා තවත් අසැබි වෙබ් පිටුවකට හෝ අසැබි වෙබ් අඩවියකට යොමු කෙරෙන බැවින්. එනම් මෙම වෙබ් අඩවිවල වෙබ් තදබදය තව තවත් දළු ලා යන බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...