Home Tutorials Photoshop Advance Select ඉගෙනගමු (Photoshop CC 2015)
Tutorials

Photoshop Advance Select ඉගෙනගමු (Photoshop CC 2015)

Share
Adobe photoshop advanced selection
Share

පොටෝෂොප් වල selection (සිලෙක්ෂන්) කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක් වන්නේ සංකීර්ණ ඉමේජ් වලදී ය. ඇඩ්වාන්ස් සිලෙක්ෂන් මගින් මෙහි කියා දෙන්න යන්නේ මිනිස් රූපයක සිලෙක්ෂන් එකක් දමා ගන්නා ආකාරයයි. මෙහිදී අපට මුහුණ දෙන්න වන ප්‍රධානම ගැටළුව වන්නේ හිස කෙස් සිලෙක්ට් කර ගැනීම හා සුමට ලෙස අනෙකුත් කොටස් සිලෙක්ට් කර ගැනීමයි. එම නිසා මෙමගින් පැහැදිළි කර දෙන්නට බලාපොරොත්තු වන්නේ එය පහසුවෙන්ම කරගන්නා ආකාරයයි.

පින්තුරයක් විවෘත කර ගන්න.

1.දැන් Image > Calculation යන්න.

2.Source 1 හා Source 2 ඇති Channel “Green” ලෙස තෝරන්න.

 

මෙය පින්තුරයෙන් පින්තුරයට වෙනස් වෙනවා. මෙයින් කරන්නේ පින්තූරයේ සිලෙක්ට් කරන්න බලාපොරොත්තු වන කොටස කළු හෝ සුදු පැහැ කිරීමයි. Blending කියන තැන Color Burn ලෙස තෝරන්න. මෙයත් පින්තුරයෙන් පින්තුරයට වෙනස් වෙනවා. Opacity අවශනම් පමණක් වෙනස් කර ගන්න. ඊට පස්සේ Ok කරන්න.

චැනල් පැලට් එකේ Alpa 1 කියල අලුතෙන් චැනල් එකක් Add වෙලා තියෙන බව පෙනෙයි.

 

3. Image > Adjustment > Level යන්න. එහි සිලෙක්ෂන් කරන්න ඕන රූපය අදුරු වන සේ Input Level වෙනස් කරන්න.

ඊට පස්සේ Tool Box එකේ තියෙන Defult Forground and Backgourd Color එක click කරන්න.

 

ඊට පස්සේ Change Forground and Backgourd එක Click කරන්න. දැන් Background Color එක සුදු පාටත්, Forground Color එක කළු පාටත් ලෙස වෙනස් වේ.

 

 

 

 

දැන් තරමක් බොඳ වූ පින්සලක් සකස් කර ගන්න. ඉන් පසු Option Bar එකේ Mode යටතේ පින්සලේ Mode එක Overlay යන්න තෝරන්න. දැන් පින්සලේ Opacity තරමක අඩු කරන්න. 30% පමණ ප්‍රමාණවත් වේ. දැන් සිලෙක්ට් කරගත යුතු පින්තුරයේ දාර සහිත කොටස් පින්සලෙන් පාට කර ගන්න. අනවශ්‍ය කොටස් Change Froground and Background Click කර පාට මාරුකර පාට කරන්න.

 

 

 

 

 

මෙවැනි තැන් නැවත සුදු පාටින් පාට කර ගන්න.

 

 

 

 

 

 

 

දැන් Select > Load Selectin තෝරන්න. මතු වන සංවාද කොටුවේ Channel කියන තැන Alpha 2 යන්න තෝරන්න. Invert යන්න චෙක් කර Ok කරන්න.

දැන් අපට අවශ්‍ය කොටස සිලෙක්ට් වී ඇත. දැන් චැනල් පැලට් එකට යන්න. එහි RGB චැනල් එක ඇක්ටිව් කරන්න. Alpha 2 චැනල් එක Deactive කරන්න. නැවත ලේයර් පැලට් වෙත යන්න. ඉමේජයේ සිලෙක්ට් වී නැති කොටස් සිලෙච්ෂන් ටූල් එකක් ආධාරයෙන් සිලෙක්ට් කර ගන්න. අවසානයේ ලේයර් පැලට් එකේ පහළ ඇති Add Layer Mask බටන් එක Click කරන්න, දැන් Background නොපෙනී යයි.

Share
Written by
Asiri

Tech writer & designer - kuliyapitiya

Leave a comment

Leave a Reply

Related Articles

කෘතීම බුද්ධිය (Artificial Intelligence) – පරිගණක දෘඩාංග පාඩාම් මාලාව අංක 4

කෘතීම බුද්ධිය (Artificial Intelligence) මානව පරිණාමයේදී මානවයාගේ බුද්ධිය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමත්...

පරිගණක දෘඩාංග පාඩාම් මාලාව අංක 3

පරිගණක පරම්පරා (Computer Generation) First Generation (පළමු පරම්පරාව) (1951-1958) පරිගණක ඉතිහාසයේ පළමු...

පරිගණක දාඩාංග පාඩාම් මාලාව අංක 1

පරිගණකයක් යනු පරිගණකයක් යනු, ඊට ලබා දෙනු ලබන(input) දත්ත(data) සහ විධාන (commands)...

පරිගණක ඉතිහාසය (History of Computer) – පරිගණක දෘඩාංග පාඩම් මාලාව 02

පරිගණක ඉතිහාසය (History of Computer) ආදිතම මිනිසා දඩයම් යුගයේ සිට එඩේර යුගය...