Home Tech News Internet Emoji පමණක් සමන්විත වෙබ් ලිපින සඳහා සහය දැක්වීම Opera browser ආරම්භ කරයි
InternetTech Newswebsites

Emoji පමණක් සමන්විත වෙබ් ලිපින සඳහා සහය දැක්වීම Opera browser ආරම්භ කරයි

Share
blank
Share

ජනප්‍රිය web browser එකක් වන Opera browser එක මේ වෙනකොට emoji පමණක් සමන්විත වෙබ් ලිපින සඳහා සහය දැක්වීම ආරම්භ කරල තියනවා. මේ පිලිබඳ ප්‍රකාශ කරමින් Opera සමාගම ප්‍රකාශ කරන්නෙ මේ පියවර අන්තර්ජාලයට නව නිර්මාණශීලීත්වයක් ආරම්භ කරන බවයි. Opera සහ Yat සමාගම හවුලේ මේ ක්‍රියාවලියට එක් වෙන අතර Yat කියන්නෙ emoji සහිත URL අලෙවි කරන සේවාවක්.

Yat සේවාව y.at කියන domain එකෙන් සේවා සපයන අතර ඒ domain එකෙන් පසුව emoji සටහන් වෙන URL ඕනම කෙනෙක්ට මේ හරහා මිලදී ගැනීමට හැකියාව තියනවා. එක් වරක් පමණක් මුදලක් ගෙවා මේ URL එකක් මිලදී ගන්න පුලුවන්. ඊට පස්සෙ ඒ Yat එකට අදාල පිටුව තමන්ට කැමති විදිහට සකස් කරන්න හෝ වෙනත් වෙබ් අඩවියකට redirect කරන්න හෝ පුලුවන්.

emoji වලට සහය දෙන domain එකක් තමන්ටම මිලදී ගන්න හැකියාව තිබුනත් ඒක සකසන්න ඕන තාක්ෂණික හැකියාව බොහෝදෙනෙක්ට නෑ. ඉතින් එහෙම කෙනෙක්ට Y.at හරහා URL එකක් ලේසියෙන්ම මිලදී ගන්න පුලුවන්. මේ URL වල මිල ගණන් ගණනය වෙන්නෙත් “rhythm score” නමැති algorithm එකකට අනුවයි. ඒකෙන් දුර්ලභත්වය අනුව එක් එක් URL වලට වෙනස් මිලක් ලබාදෙනවා. ඒ කියන්නෙ වැඩියෙන් පාවිච්චි වෙන emoji වලින් සමන්විත කෙටි URL එකකට වැඩි මුදලකුත්, වැඩිය භාවිත නොවන දිගු URL එකක් සඳහා අඩු මුදලකුත් වශයෙන්. කොහොම උනත් ඔයාලටත් ඕනනම් emoji 5ක් වගේ තියන URL එකක් $4 කට වගේ හොයාගන්න අමාරු නෑ.

මේ වෙනකොටත් සමහර ප්‍රසිද්ධ චරිත මේ සේවාව භාවිතා කරල තමන්ගෙ URL මිලදී ඇරන් තියනවා. ඒ අතර Kesha, Lil Wayne සහ Disclosure කියන්නෙ කිහිප දෙනෙක්.

Opera browser එකේ address bar එක මත y.at කොටස type නොකර අදාල emojis පමණක් type කිරීමෙන් එයට සම්බන්ධ Yat පිටුවට හෝ redirect වෙන වෙබ් අඩවියට ගමන් කරන්න හැකියාව තියනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...