Home Tech News Spotify අලුත්ම විශේෂාංගය – Weekly Wrapped
Tech News

Spotify අලුත්ම විශේෂාංගය – Weekly Wrapped

Share
blank
Share

Spotify ප්‍රේක්ෂකයින් අතර හුඟාක් ජනප්‍රිය feature එකක් වෙන Wrapped දැන් සතියකට එක වරක් බලන්න පුළුවන් වෙලා. Spotify නිකුත් කරලා තියෙන මේ Weekly Wrapped update එකෙන්, පරිශීලකයන්ට එම සතියේ ඔවුන්ගේ සවන්දුන්න ගීත පිලිබදව ලස්සන summary එකක් ලබාගන්න පුළුවන්.

පෙර Wrapped feature එක අවුරුද්දෙ අවසන් වෙද්දී එකවර summary එකක් දෙන system එකක් තිබුණෙ. හැබැයි දැන් Spotify සතිපතා summary එකක් හදුන්වාදීලා තියනවා.

Weekly Wrapped එකෙන් ඔයාට බලන්න පුළුවන් ප්‍රධානම දේවල්වලින් එකක් තමයි, සතියේ ඔයා හඳුනාගත් top ගීත, වෙලාව වැඩියෙන් අහපු ගායකයන්, genres, සහ listening moods. මොනවාද ඔයා repeat කරපු ගීත වගේ ගොඩක් දේවල් simple UI එකකින් නරබන්න පුලුවන්.

මේ විශේෂාංගය බාවිතා කරලා බලන්න ඕනෙනම්, Spotify app එක open කරලා “Your Weekly Wrapped” කියන card එක home page එකේ දැක්වෙනවා. එතැනින් summary එකද, charts ද, personal stats ද ආදී විදියට එකම තැනකින් බලන්න පුළුවන්.

දැන් මේ අප්ඩේට් එක හින්දා ඔයාලට සතිපතා අහපු සින්දු වල mood changes, අලුත් ගායකයන්, trending songs වගේ මේ හැම එකම real-time දැනගන්න පුළුවන්. 

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...