MSI සමාගම AMD Ryzen™ B850 සහ B840 chipsets සඳහා නිර්මාණය කරන ලද නවතම motherboard පෙළ හඳුන්වාදෙනවා. මෙම motherboards විශිෂ්ට විශ්වසනීයත්වයක් සහ පරිශීලක හිතකාමී විශේෂාංග ලබා දෙන, performance සහ innovation(නවොත්පාදන) එක්කර, ඉහළ සාධනමය සහ විශ්වසනීය නිර්මාණයක් සපයනවා. මේවා ප්‍රධාන ධාරාවේ පරිශීලකයින්(users), ක්‍රීඩකයින්(gamers) සහ නිර්මාණකරුවන්(creators) හට next-level පරිගණක හැකියාවන් සපයනවා.
නව B850 සහ B840 motherboards වලින්, MSI X870E lineup එකේ නව ආකාර නිර්මාණය කිරීමෙන් MPG X870E EDGE TI WIFI සහ MAG X870E TOMAHAWK WIFI motherboards එකතු කරනවා. මෙම නව ආකාරයන් පරිශීලකයින්ගේ විවිධ අවශ්‍යතා අනුව වැඩි performance එකක් ලබා දෙන අතර, නව connectivity වැනි විශේෂාංග සහිතයි. MPG X870E EDGE TI WIFI සහ MAG X870E TOMAHAWK WIFI මඟින්, MSI සමාගම ක්‍රීඩකයින්, නිර්මාණකරුවන්, සහ පරිගණක උනන්දුවක් දක්වන පරිශීලකයින් බලගන්වලා තියෙනවා.
MSI B850 motherboards AMD Ryzen™ නවතම desktop processors වල උපරිම ශක්තිය උපයෝගී කර ගැනීමට නිර්මාණය කර ඇති අතර, PCIe 5.0 slot සහ M.2, සහ DDR5 memory වැනි අලුත්ම විශේෂාංග සඳහා සහාය දක්වනවා. ඉහළ ධාරිතාව සහිත බල සැපයුම් පද්ධතිය මඟින්, high-frame-rate gaming සහ multitasking වැඩ සඳහා performance සහතික කරයි. B850 chipset එක CPU සහ memory overclocking සඳහා කැපී පෙනෙන තේරීමක් බවට පත් වීමට හැකියාව ලබා දෙන අතර, පරිශීලකයන්ගේ පද්ධතියේ performance ඉහල දැමිමට ගුණාත්මක වෙනසක් ලබා දෙනවා. B840 chipset එක විශ්වසනීයත්වය සහ වටිනාකම වැඩි කළ අගයකින් memory-only overclocking සඳහා කැපී පෙනෙන අතර, සාමන්‍ය සහ ව්‍යාපාරික පරිශීලකයින් සඳහා ගැළපෙන විශේෂාංග ඇත.
MSI සමාගමේ motherboard නිර්මාණ දර්ශනයෙහි පහසු භාවිතය හැම විටම මූලිකත්වය වී තිබෙන අතර, B850 සහ B840 motherboards වලින්ද අලුත් EZ DIY innovations එකතු කර තියෙනවා. EZ M.2 Shield Frozr II මඟින් M.2 heatsinks ස්ථාපිත කිරීම පහසු කරයි. EZ PCIe Release එකක් මඟින් විශාල ග්‍රැෆික් කාඩ් එකක් පහසුවෙන් ඉවත් කිරීමට හැකියාවක් ලබා දේ. EZ Antenna නිර්මාණය මඟින් Wi-Fi connectors එකක් පහසුවෙන් ස්ථාපනය සහ ඉවත් කිරීම පහසු කරයි, antenna පුලුස්සා හැරවීමට අවශ්‍යතාව අත්හැරී යයි. මෙම විශේෂාංග වලින් පරිශීලකයාට හිතකාමී වන පරිදි PC සාදා ගැනීම පහසු කරනවා.
MSI B850 සහ B840 motherboards වල connectivity එකත් විශේෂයි. විශ්වසනීය gaming, streaming, සහ content creation සඳහා Wi-Fi 7 සහ 5G LAN එකක් සමඟ උසස් වේගයේ connectivity එකක් අත්විඳින්න පුළුවන්. USB 20G connection එකක් මඟින් ඉක්මනින් data transfers කිරීමට හැකියාවක්, සහ නව පද්ධති අවශ්‍යතා සඳහා විශාල, වේගවත් storage options ලබාදෙන, M.2 slots කිහිපයක් ඇතුළත් වෙනවා.
MSI B850 සහ B840 motherboards උසස් කල්පැවැත්වම සඳහා premium components සහ advanced thermal solutions වලින් සමන්විතයි. වැඩි performance සඳහා MSI’s extended heatsinks, multi-layered server-grade PCB designs, සහ 80A SPS (Smart Power Stages) සමඟින් 12 power phases VRM එකක් ඇතුලත් කර ඇත, වර්තමානයේ MSI’s X870 series chipset models වල Supplemental PCIe Power connector එකක් ඇතුලත් කර ඇති අතර, AI computing සහ gaming scenarios වල GPU හි power අවශ්‍යතා සඳහා සහාය එමගින් දක්වනවා. මෙමගින් stableness, efficiency සහ sustainable peak performance එකක් සහතික කිරීමද වැදගත් වේ.
MSI සමාගමේ B850 සහ B840 motherboards වල නිකුතුව මඟින්, MSI සමාගම ප්‍රධාන PCs building කළාව, performanceඑක, qualityඑක සහ innovation වලින් නව මානයකට ගෙන එයි. ඔබ ක්‍රීඩකයෙක්, නිර්මාණකරුවෙක්, හෝ ව්‍යාපාරික පරිශීලකයෙක්ද, MSI සමාගමේ නවතම motherboards සියලුම පරිගණක අවශ්‍යතා සඳහා විශිෂ්ට වටිනාකමක් සහ විශ්වසනීයත්වයක් ලබා දේ.
MPG X870E EDGE TI WIFI – Leading the Edge in Innovation

MPG X870E EDGE TI WIFI වර්ණ සහිත සහ RGB සහිත ආරක්ෂිත Heatsink එකක් සමඟ පැමිනෙනවා. මෙමගින් ඕනෑම gaming build එකකට විශිෂ්ට පෙනුමක් ලබා දෙයි. එය නවීන පෙනුමට අමතරව, MSI සමාගමේ performance වලින්ද මෙය ඉහලයි.
5G LAN සහ Full-speed Wi-Fi 7 තාක්ශනයන් මඟින් වේගවත් සහ විශ්වාසනීය නෙට්වර්කින් එකක් ලබා දෙයි. USB 4 Type-C ports සමඟ DisplayPort output එකක් ඇතුලත් වී ඇති අතර, ඉහළ වේගයේ data transfers, නව peripherals සඳහා සහය වීම සහ එකම cable එකකින් display connectivity ලබාදේ. අමතරව, front USB 20G Type-C header එක මඟින් 27W power delivery එකක් ලබාදෙන්නේ ඉක්මනින් සහ පහසුවෙන් device charging එක සඳහා. මෙමගින් connectivity options මඟින් පරිශීලකයාගේ අවශ්‍යතා අනුව system එකක් සාදා ගැනීමට හැකියාව ලබා දේ.
EZ PCIe Release, M.2 Shield Frozr II සහ EZ M.2 Clip II වැනි EZ DIY features ඇතුලත් කර ඇති අතර, මෙමගින් M.2 SSD ස්ථාපිත කිරීම සහ ඉවත් කිරීම පහසු කරයි. EZ Antenna design එක Wi-Fi antenna එකක් සවි කිරීමට සහ ඉවත් කිරීමට පහසු කරයි, rotation අවශ්‍යතාවය අත්හැරී යයි. මෙමගින් පළමු වරට PC සාදාගන්නා පරිශීලකයන් සහ පරිගණක උනන්දුවක් දක්වන පරිශීලකයන්ට user-friendly අත්දැකීමක් ලබා දෙනවා.
MPG B850 EDGE TI WIFI – Redefining Premium Gaming Performance

MSI B850 EDGE TI WIFI සුදු පැහැයෙන් සහ RGB සමඟ කැපී පෙනෙන motherboard එකක් බවට පත් කරයි, ඕනෑම PC build එකකට පරිපූර්ණ තේරීමක්. නවීන style සහ performance එක් කරයි. 14-phase Duet Rail Power System සහ 80A SPS සමඟින්, Extended Heatsink සහ ඇතුළත් heat pipe එක superior cooling efficiency එකක් සඳහා විශාල මතුපිටයක් ලබාදෙන අතර, ඉහළ workload යටතේ consistent සහ optimal thermal performance ලබාදේ.
5G LAN සහ full-speed Wi-Fi 7 සමඟ, විශ්වසනීය, උසස් වේගයේ networking ලබා දෙනවා වගෙම I/O panel එක USB 20G port එකක් සමඟ ඉක්මන් data transfers සහ seamless device connectivity ලබාදේ. EZ DIY features, EZ M.2 Shield Frozr II සහ EZ Antenna නිර්මාණයක් සමඟ, M.2 SSD ස්ථාපනය හෝ ඉවත් කිරීම පහසු කරන අතර, PC සාදාගැනීම සහ upgrade කිරිම පහසු කරයි.
2 x PCIe 5.0 M.2 slots සහ 2 x PCIe 4.0 M.2 slots සමඟ, මෙම motherboards පරිශීලකයින්ට ඔවුන්ගේ පද්ධතිය optimize කිරීමට storage options ලබාදේ. මෙම slots high-speed data transfer නිසා , boot times සහ applications loading අධිවේගි වේ. අමතරව, Audio Boost 5 premium audio quality එකක් ලබාදී, immersive gaming experience එකක් ලබා දේ.
MAG X870E TOMAHAWK WIFI – Built for Battle, Engineered for Excellence

MAG X870E TOMAHAWK WIFI එහි විශිෂ්ට performance හා කල්පැවැත්ම තහවුරු කරයි. innovation එක සහ affordability එකක් සමඟ කදිම සම්මිශ්‍රයක් ලබාදේ.
black color design එකකින් නිර්මාණය කර ඇති මෙම board එක ඕනෑම PC build එකකට පහසුවෙන් අනුවර්තනය වේ. එහි 14-phase Duet Rail Power System සහ 80A SPS පද්ධතියක් විශාල Extended Heatsink එකක් සමඟ efficient cooling එක සහ sustained performance එකක් ලබාදේ. DisplayPort output එක සහිත USB 40G ports, next-gen peripherals සඳහා compatibility, සහ devices සඳහා 27W quick charging එකක් ලබාදෙන front USB 20G Type-C header වැනි විශේෂාංග තිබේ.
පහසුවෙන් භාවිතය මූලිකත්වය වී ඇති නිසා, motherboard එක EZ PCIe Release, M.2 Shield Frozr II සහ EZ M.2 Clip II වැනි EZ DIY features ඇතුළත් කර ඇති අතර, ඉතා පහසුවෙන් ග්‍රැෆික් කාඩ් ඉවත් කිරීමට සහ M.2 SSD ස්ථාපිත කිරීම හෝ ඉවත් කිරීම පහසුකරයි. EZ Antenna Wi-Fi antenna ස්ථාපනය සහ ඉවත් කිරීම පහසුකරමින්, hassle-free අත්දැකීමක් ලබාදේ.
MAG B850 TOMAHAWK MAX WIFI & MAG B850M MORTAR WIFI- Sleek Design, Exceptional Performance

MSI MAG B850 TOMAHAWK MAX WIFI 14-කේ Duet Rail Power System එකක්, 80A SPS එකක් සහ විශාල heatsink එකක් සමඟ බලවත් වන අතර, AMD Ryzen™ desktop processors සමඟ දිගු gaming sessions වලදී විශිෂ්ට performance සහ stableness එක ලබාදෙනවා.
B850 chipset එකේ ප්‍රිය කළ mATX motherboard එක වන MAG B850M MORTAR WIFI, නවතම features සහ EZ DIY solutions, Wi-Fi 7, සහ 5G LAN වලට අනුව සවිබල ගැන්වූ විශ්වාසනීය සහ futuristic platform එකක් gamers සහ PC enthusiasts සඳහා ලබාදෙයි. MAG B850M MORTAR WIFI වසරේ පසුව නිකුත් වීමට නියමිතයි.
2 x PCIe 5.0 M.2 slots සහිතව, applications හෝ games විශිෂ්ට වේගයෙන් load කරයි. front USB 20G Type-C port එකක් lightning-fast data transfer speeds ලබාදෙන අතර, PCIe Supplemental Power Connector එකක් GPU හි වැඩි බල අවශ්‍යතා සඳහා dedicated power ලබාදී, gaming හෝ AI acceleration සඳහා stableness සහ consistency සපයයි. motherboards එක full-speed Wi-Fi 7 සහ 5G LAN එක්කර, gaming, streaming, සහ multitasking connectivity සඳහා ultra-fast හා reliable වේගයක් ලබාදෙනවා.
PRO B850 / B840 Series – Professional Design, Exceptional Performance

MSI PRO B850 / B840 Series වෘත්තීය, නිර්මාණ වැඩ සඳහා, ව්‍යාපාර සඳහා හෝ දෛනික පරිහරණයට ගැළපෙන්නට සකසා ඇත. 800-ශ‍්‍රේණියේ වෙනත් motherboards වලට වඩා, 12-phase Duet Rail Power System එකක් සමඟ කැපී පෙනෙන අතර, Ryzen™ desktop processor එකකින් වැඩි බලයක් ලබා දෙනවා.
MSI PRO B850-P WIFI සහ PRO B840-P WIFI, EZ DIY විශාල ග්‍රැෆික් කාඩ් එකක් වුවත් ඉවත් කිරීම පහසු කරනවා. EZ PCIe Clip II සහ pre-installed I/O shields සමඟ PC සාදාගැනීම සහ upgrades පහසුකරමින් පළමු වරට builders සහ enthusiasts ලට ඉදිකිරීමට පහසු කරනවා.
MSI PRO B850-P WIFI සහ PRO B840-P WIFI Wi-Fi 7 සහ 5G LAN සඳහා සහාය දක්වනවා, එය ඉදිරියේදී වෙළඳපොලේ තරගකිරිම සඳහා වැදගත් වෙනවා. PRO Series motherboard එක USB Type-C සහ Type-A ports සමඟ සියලුම devices සඳහා පුළුල් USB connectivity එකක් ලබාදෙනවා. මෙම PRO Series motherboard එකකින් usersට ඉදිරියේදී අවශ්‍යතාවයන්ට ගැළපෙන්නට සහය වනවා.
ඔබට වැඩිදුර විස්තර පහත ලින්ක්ස් ඔස්සෙ ලබාගන්න පුළුවන්,
MSI GAMING: https://www.msi.com/
MSI Facebook: https://www.facebook.com/MSIGaming
MSI Instagram: https://www.instagram.com/msigaming/
MSI YouTube: https://www.youtube.com/user/MSIGamingGlobal
MSI Twitter: https://twitter.com/msitweets














Leave a comment