Home Tech News Threads වල අලුත්ම කඩයිම
Tech News

Threads වල අලුත්ම කඩයිම

Share
blank
Share

X ඇප් එකට තරගකාරයෙකු ලෙස Meta සමාගමෙන් නිකුත් කල Threads මේ වනවිට එනම් 2024 හතරවෙනි කාර්තුව වනවිට පරිශීලකයන් මිලියන 200 සීමාව පහුකරල තියනවා. Threads වල පෝස්ට් එකක් මගින් Instagram හි ප්‍රධානියා වන Adam Mosseri මේ බව තහවුරු කර තිබෙනවා.

Threads ඇප් එකෙ ජනප්‍රිය වීම වේගයෙන් සිදුවන්නක්. 2023 ජූලි මාසයේ මෙය නිකුත් කිරීමෙන් පසු පරිශීලකයන් මිලියන 150 සීමාව 2024 අප්‍රේල් වනවිට පහුකල අතර මිලියන 175 සීමාව ජූලි මාසයේදී පහුකලා.

කෙසේනමුත් Threads වල තරගකරුවා වන X ඇප් එකෙ දිනපතා පැමිනෙන පරිශීලකයන් මිලියන 600 සිටිනවා.

පසුගිය වසරෙ Meta සමාගමෙ ප්‍රදානියා වන Mark Zuckerberg පැවසුවේ Threads ඇප් එකට පරිශීලකයන් බිලියනයේ සීමාව පසුකිරීමට ඉක්මනින්ම හැකිවනු ඇති බවයි. මීට අමතරව මේ වනවිට Threads ඇප් එකෙ content suggestion සිස්ටම් එක වැඩිදියුනු කරමින් සිටින බවත් වාර්තා වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...