Home Tech News Ai Nvidia අභිබවා යන Huawei සමාගමෙ AI Chip එක
AiTech News

Nvidia අභිබවා යන Huawei සමාගමෙ AI Chip එක

Share
Share

ඔන්න ඉතින් Huawei සමාගම World AI Conference 2025 ඉවෙන්ට් එකේදි හඳුන්වා දුන්නා අලුත්ම “CloudMatrix 384” කියන AI computing chip එක. මේ CloudMatrix 384 system එක කියන්නේ, Huawei සමාගමේම Ascend 910C AI chips 384ක් එක්ක පිරිපහදු කළ supercomputer-style AI cluster එකක්.

Huawei පැහැදිලිවම කියනවා මේක, NVIDIA සමාගමේ අලුත්ම GB200 NVL72 AI superchip system එකටම විකල්පයක් කියලා. ඒ වගේම performance අතින් ගත්තම, CloudMatrix 384 එකට NVIDIA system එකට වඩා වැඩියෙන් වැඩ කරන්න පුළුවන් කියලා කියනවා. 

Huawei කියන විදිහට, මේ AI system එකෙන් 300 petaflops පමණ computing power එකක් generate කරගන්න පුළුවන්. (Petaflop කියන්නේ දවස් ගණන් ගන්න calculations මිලියන ගණනක් තත්පර කිහිපයකින්ම කිරීමයි.) එහෙම වුනත්, power consumption අතින් ගත්තම, NVIDIA system එකට වඩා 4 ගුණයකින් වැඩියි. 

ඉතින් Huawei සමාගම මේ විදියට AI chip එකක් නිර්මානය කර තිබෙන්නෙ, NVIDIA AI chips වලට ලැබෙන US sanctions වලට alternative එකක් ඕනේ නිසා. Huawei මෙය චීනයේම නිපදවලා, චීනය තුළම විශාල AI computing demand එකක් පාලනය කරන්න තරම් දියුනු කරල තියනවා.

Huawei සමාගම කියන විදිහට, මේ CloudMatrix 384 system එක භාවිතා කරන AI services, research institutes, universities, සහ cloud සේවා සපයන්නන් සඳහා අවශ්‍ය වෙන අනාගතයට ගැලපෙන සියලුම විශේෂාංග වලින් මෙය සමන්විත වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...