Home Tech News Ai Nvidia අභිබවා යන Huawei සමාගමෙ AI Chip එක
AiTech News

Nvidia අභිබවා යන Huawei සමාගමෙ AI Chip එක

Share
blank
Share

ඔන්න ඉතින් Huawei සමාගම World AI Conference 2025 ඉවෙන්ට් එකේදි හඳුන්වා දුන්නා අලුත්ම “CloudMatrix 384” කියන AI computing chip එක. මේ CloudMatrix 384 system එක කියන්නේ, Huawei සමාගමේම Ascend 910C AI chips 384ක් එක්ක පිරිපහදු කළ supercomputer-style AI cluster එකක්.

Huawei පැහැදිලිවම කියනවා මේක, NVIDIA සමාගමේ අලුත්ම GB200 NVL72 AI superchip system එකටම විකල්පයක් කියලා. ඒ වගේම performance අතින් ගත්තම, CloudMatrix 384 එකට NVIDIA system එකට වඩා වැඩියෙන් වැඩ කරන්න පුළුවන් කියලා කියනවා. 

Huawei කියන විදිහට, මේ AI system එකෙන් 300 petaflops පමණ computing power එකක් generate කරගන්න පුළුවන්. (Petaflop කියන්නේ දවස් ගණන් ගන්න calculations මිලියන ගණනක් තත්පර කිහිපයකින්ම කිරීමයි.) එහෙම වුනත්, power consumption අතින් ගත්තම, NVIDIA system එකට වඩා 4 ගුණයකින් වැඩියි. 

ඉතින් Huawei සමාගම මේ විදියට AI chip එකක් නිර්මානය කර තිබෙන්නෙ, NVIDIA AI chips වලට ලැබෙන US sanctions වලට alternative එකක් ඕනේ නිසා. Huawei මෙය චීනයේම නිපදවලා, චීනය තුළම විශාල AI computing demand එකක් පාලනය කරන්න තරම් දියුනු කරල තියනවා.

Huawei සමාගම කියන විදිහට, මේ CloudMatrix 384 system එක භාවිතා කරන AI services, research institutes, universities, සහ cloud සේවා සපයන්නන් සඳහා අවශ්‍ය වෙන අනාගතයට ගැලපෙන සියලුම විශේෂාංග වලින් මෙය සමන්විත වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...