Home Tech News නවතම Galaxy XR Headset එක ගැන දැනගමු
Tech News

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Share
blank
Share

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත් වෙලඳපොලේ ඇති Apple Vision Pro සහ Meta Quest headsets සමඟ තරඟ කිරීම සඳහා මෙම උපාංගයට හැකි වෙනවා. Galaxy XR headset එකේ මිල Apple Vision Pro එකේ මිලට වඩා බෙහෙවින් අඩු වේ. Samsung, Google සහ Qualcomm සමාගම් එක්ව නිර්මාණය කළ මෙම headset එක Android XR මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන පළමු උපාංගය වේ.

Galaxy XR එක භාවිතා කරන්නන්ට Phone screen වල හෝ TV screen වල හෝ computer monitor වල හෝ ඇති දේ ඊට වඩා විශාල virtual screen එකක් මත බලා ගත හැකිය. Google Photos මගින් 2D images සහ videos 3D ආකාරයට බලා ගත හැකි අතර, Google Maps, YouTube සහ Google Meet වැනි XR optimized apps මේ සමග භාවිතා කළ හැකිය. මෙහි විශේෂත්වය වන්නේ Google Gemini AI assistant මේ සමග ඒකාබද්ධ කර තිබීමයි. ඔබ බලන photos පිළිබඳව ප්‍රශ්න ඇසූ විට Gemini ඒවාට පිළිතුරු දෙනවා පමණක් නොව flight tickets book කිරීමට පවා ඔබට උදව් කරනවා. මෙහි Qualcomm සමාගමේ Snapdragon XR2+ Gen 2 chipset එක භාවිතා කර ඇති අතර, eye tracking සහ hand tracking වැනි තාක්ෂණයන් ද ඇතුළත් වේ.

VR වෙලඳපොල දැනටමත් Meta Quest 3 සහ Apple Vision Pro විසින් ආධිපත්‍යය දරයි. Galaxy XR දැනට Samsung.com සහ United States සහ South Korea හි Samsung Experience stores වලින් පමණක් මිලදී ගත හැකිය. Virtual Reality තාක්ෂණය තවමත් ආරම්භක අවධියේ පවතින නමුත්, AI integration සමඟ Samsung Galaxy XR වැනි නවීන උපාංග මෙම තාක්ෂණය වැඩි දියුණු කිරීමට සහ ඔවුන් මෙම උපාංග සැමට මිලදී ගැනීමට අවස්ථාව උදා කර දේවී.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....

විශාල Security breach එකකට ලක්වුනු Discord

Discord කියන ලෝක ප්‍රසිද්ධ chat app එක අලුත් security ගැටලුවකට මුහුණ දීලා...