Blackmagic Design විසින් ෙම් මස DaVinci Resolve 20.3 යාවත්කාලීනය නිකුත් කළේය. මෙම video editing software update එකේ ප්‍රධාන විශේෂාංග අතර Apple M5 chip සහිත Mac computers සඳහා 32K resolution video editing සහය, වැඩිදියුණු කළ timeline backup system, සහ metadata management වැඩිදියුණු කිරීම් සිදු කර තිිිබේ.
32K resolution සහය ලැබීමත් සමග Blackmagic URSA Cine 17K 65 වැනි ultra-high resolution cameras වලින් capture කළ footage සමඟ වැඩ කිරීමට පහසුව සපයයි. මෙය VFX, immersive media, LED volumes සහ large format display mastering සඳහා විශාල වාසියක් වේවි. Apple M5 processors හි computing power භාවිතා කරමින් proxy workflows නොමැතිව native 32K editing සිදු කළ හැකිිය.
Metadata management සඳහා විශාල වැඩිදියුණු කිරීම් ද සිදු කර ඇත. Media pool එක තුළ custom metadata fields bin columns ලෙස එකතු කළ හැකි අතර, ALE (Avid Log Exchange) format එකෙන් metadata import සහ export කළ හැක. Resolve FX Noise Reduction performance වැඩි දියුණු කර ඇති අතර, Film Look Creator, Film Damage සහ Analog Damage effects වලට alpha channel සහය එක් කර ඇත. HDR10+ metadata QuickTime සහ MP4 exports වලට embed කළ හැකි වන අතර, IMF workflow එක HDR Vivid සහ Audio Vivid formats සඳහා ද සහය දක්වයි.














Leave a comment