Home Tech News cyber security අලුත්ම Android Spy Ware
cyber securityPhonesTech News

අලුත්ම Android Spy Ware

Share
blank
Share

Phone එකේ කරන හැම දෙයක්ම record වෙන අලුත්ම Android Mal-ware එක සහ විස්තර ගැන දැනුවත් වෙලා ඉන්න.

Android දුරකථන පාවිච්චි කරනවනම් දැන් පැතිරෙන අලුත්ම ඒ වගේම දැඩි අවධානම් Malware 2ක් ගැන දැනගන්න ලැබෙනව. upto date නැති Android OS පාවිච්චි කරනවනම්, Google Play store එකෙන් හැර වෙනත් විදිහට Apps install කරගන්නවනම් මේ malware attack එකට ඔයත් දැනටම ලක්වෙලාද කියල බලන්න.

Herorat

Eset සමාගම වාර්තා කරල තියෙන පළමු Mal-ware එක තමයි Herorat කියන්නෙ. මේ mal-ware එක install කරගත්තම නොමිලේ bitcoin, internet ලබාගන්න වගේම Social media වල followers ල වැඩි කරගන්නත් පුලුවන් කියලයි Ad එක තියෙන්නෙ.

Download උනාට පස්සෙ ගොඩක් ජනප්‍රිය telegram App එකේ bot functionality  එක පාවිච්චි කරල Device එකේ settings මාරු කරන්න Device එකේ සිද්ද වෙන හැම දෙයක්ම record කරන්න වාගේම Location / contact list data හැම එකක්ම අපට නොදැනීම ලබාගන්නත් මේ mal-ware එකට පුලුවන්.

ඒ වගේම මේක වැඩකරන්න telegram app එක ඔයාගෙ device එකේ තියෙන්න අවශ්‍ය නැහැ.

මේ malware එකේ තියෙන දරුණුම දේ තමයි infect උනාට පස්සෙ ඒ ගැන දැනගන්න විදිහක් නැති එක.

GhostCtrl

මේ එක්කම වාර්තා වෙන අනෙක් malware එක තමයි GhostCtrl. OmniRAT වර්ගයට අයත් වෙන මේ malware එකෙන් අදාල Device එක සම්පූර්ණයෙන්ම පාලනය කරන්න හැකර්ට පුලුවන් වෙනව. Trend Micro Research Labs වලින් තමයි මේ Malware එක හොයාගෙන තියෙන්නෙ.

පළමුවෙන්ම ඊශ්‍රාෙයල් රෝහල් ඉලක්ක කරගෙන පැතිරුණ මේ Malware එක Windows පරිගණක වලට වගේම Android Mobile platform එකටත් එල්ල වෙලා. මේ දෙකෙන් වඩාත්ම දරුණු බලපෑම එල්ල වෙලා තියෙන්නෙ Mobile phone වලට.

මේ හරහා Phone එකක සිද්දවෙන දේවල් ඒ වෙලමෙ බලන්න ඒ වගේම හැකර්ට අවශ්‍ය ඕනෑම වෙලාවක phone එක සම්පූර්නයෙන්ම පාලනය කරන්න වගේම අවශ්‍ය නම් මුලු Phone එකම Crypography යටතේ Lock කරන්න පවා මේ Malware එකට හැකියාව තියෙනව.

මේ වගේ Mlaware / Ransomeware වලින් ගැලවෙන්න පුලුවන් පහසුම විදිහ Android upto date පවත්ව ගන්න එක සහ Google play store App එක හරහා විතරක් Apps download කරගන්න එක. මොකද බැරි වෙලාවත් මේ වගේ භයානක Malware එකක හරහා ඔයාගෙ Phone එකත් hijack උනොත් ඒ ගැන දැනගන්න කිසිම විදිහක් නැහැ. මොකද මේ malware හරහා කරන්නෙ දත්ත සොරා ගැනීමයි.

උපුටා ගැනීම – මූලාශ්‍ර 1මූලාශ්‍ර 2

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

  • Me gana danuwath kireema hodai. Mage phone eke kalayak ibema saddayak welawakata Anna patan gaththa. E me nisada danna. Dan lagakadi nam e sadde ahune na. Thank you for sharing.

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...