Press ESC to close

MSI සමාගම intel 10th Gen සමගින් නිර්මාණකරුවන්ට Laptop මාදිලි පෙලක් නිකුත් කරයි

laptop නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටින MSI සමාගම විසින් අලුත්ම intel 10th gen CPU භාවිතා කරන Laptop මාදිලි කිහිපයක් නිකුත් කර තිබෙනවා.මේ වනතෙක් Content Creator කෙනෙක් නම් සහ ඔබට අවශ්‍ය Laptop එකක් නම් ඒ සදහා තිබු එකම විසදුම Gaming laptop model එකක් මිලදී ගැනීමයි. මෙම නව ඉල්ලුම හදුනාගත් MSI සමාගම නිර්මාණ කරුවන් සදහාම වෙන්වූ Prestige මාදිලිය හදුන්වා දුන් අතර දැන් Modern ලෙස තවත් මාදිලියක් හදුන්වා දී තිබෙනවා.

තමන්ගෙ Gaming Laptop ලබාගන්නා අයගෙන් පිරිසක් Youtubers / Photographers/ animators සහ Music composers ලෙස වැඩ කරන අතර Gaming සුව වශයෙන් කරන අය බවට MSI සමාගම කල නිරීක්ෂණ වලින් තහවුරු කරගැනීමත් සමගයි මේ ආකාරයට prestige සහ Modern මාදිලි දෙකක් MSi Laptop වලට එකතුවෙන්නෙ. MSI සම්පුර්ණ Model range එක ගැන කියවන්න.

Get Your Site Up with A2 Hosting

නව 10th gen Prestige Laptop සමග තමන්ගේ 2D, 3D Software ඉතාමත් පහසුවෙන්  භාවිතා කරමින් ඵලාදායීව වැඩ කරන්න Digital content creators ලට හැකියාව ලැබෙනව. Digital නිර්මාණකරුවන් වෙනුවෙන්ම නිකුත් කරන Prestige මාදිලි සදහා ලොව ප්‍රථම intel 10 වන පරම්පරාවේ 6 core CPU භාවිතා කිරීම හරහා ඉතා දිගු battery ආයු කාලයක් ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක්.

MSI TRUE PIXEL DISPLAY

නව Content Creator මාදිලි සදහා ලබා දෙන අංගයක් තමයි True Pixel Display. මෙහිදී පහත සදහන් දේවල් Display එකේ අඩංගු වීම බලාපොරොත්තු විය හැකියි.

4K uHD Resolution එකක් සහිත වීම – මේ හරහා වැඩි Screen Space එකක් ලබාගැනීමට හැකිවෙනව.

100%ක් Adobe RGB සහ Delta-E<2 වර්ණ පරාසයට Color Calibrate කර තිබෙනවා වගේම laptop සදහා පළමු වරට Video සදහා සම්මතයක් වන CaiMAN* වර්ණ පරාසයත් අන්තර්ගත කරල තියෙනව.

(*Cinema - Video Content වලදි අපට පෙනෙන වර්ණ වල සම්මතය වෙන්නෙ CaiMAN බව MSI සමාගම සදහන් කලා)

Prestige සහ Modern මාදිලි හදුන්වා දී ඇත්තේ කාටද?

ModelPrestige 14Prestige 15Modern 14
CPUupto 10th gen i7-Uupto 10th gen i7-Uupto 10th gen i7-U
GraphicsUp to NVIDIA® GeForce® GTX 1650 With Max-Q Design, 4GB GDDR5Up to NVIDIA® GeForce® GTX 1650 With Max-Q Design, 4GB GDDR5Up to NVIDIA®
GeForce® MX250
2GB GDDR5
DisplayUp to 14" 4K UHD (3840x2160), 100% AdobeRGB, Thin Bezel IPS-Level Panel (OptionalUp to 15.6" 4K UHD (3840x2160), 100% AdobeRGB, Thin Bezel IPS-Level Panel (Optional)14" FHD (1920*1080),
close to 100%sRGB
Thin Bezel IPS-Level
Storage1x M.2 SSD Combo slot (NVMe PCIe Gen3 / SATA)1x M.2 SSD Combo slot (NVMe PCIe Gen3 / SATA)
1x M.2 SSD slot (NVMe PCIe Gen3) , support Intel M.2 NVMe SSD Device only Intel M.2 NVMe SSD Device only
1x M.2 SSD Combo (NVMe PCIe Gen3 / SATA)
MemoryUp to 16GB LPDDR3-2133 (onboard)2x DDR4-2666 slots(Max 64GB)1x DDR4-2666 slot(Max 32GB)
NetworkUp to Intel Wi-Fi 6
(802.11 ax) + Bluetooth v5
Up to Intel Wi-Fi 6 (802.11 ax) + Bluetooth v5Intel Wireless-AC 9560 + Bluetooth v5
KeyboardBacklight Keyboard (Single-Color, White)Backlight Keyboard (Single-Color, White)Backlight Keyboard (Single-Color, White)
Dimension319(W) x 215(D) x 15.9(H) mm356.8(W) x 233.7(D) x 15.9(H) mm322(W) x 222 (D) x 15.9(H) mm
Weight1. 29 kg1.6 kg1.19 kg

තමන්ගේ වැඩ කටයුතු සදහා ඉතාමත් හොද Cooling සහ Hardware spec එකක් අවශ්‍ය අයට Prestige 14 සහ 15 මාදිලි හදුන්වා දී තිබෙන අතර, Modern මාදලිය නිර්මාණය කර තිබෙන්නේ වඩාත් සැහැල්ලු සහ Compact Creator Laptop එකක් අවශ්‍ය අයටයි.

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *