Home Games YouTube හි වැඩිම දෙනෙක් නරඹපු පරිගණක ක්‍රීඩාව
GamesTech Newswebsites

YouTube හි වැඩිම දෙනෙක් නරඹපු පරිගණක ක්‍රීඩාව

Share
Share

නිල වශයෙන් නිකුත් කරල මේ ගෙවුන අවුරුදු 11 වගේ ඇතුලත ලෝකයේ ජනප්‍රියම පරිගණක ක්‍රීඩාවක් බවට පත් වෙන්න Minecraft වලට හැකියාව ලැබිල තියනවා. මේ වෙද්දි මිලියන 140ක පිරිසක් මාසිකව Minecraft ක්‍රීඩා කරනවා. ඇත්තටම නිකුත් කරපු අවුරුද්දෙ ඉඳන් මේ වෙනකන් එක දිගටම මේ වගේ විශාල ජනප්‍රියතාවක් පවත්වාගන්න හැකිවුන පරිගණක ක්‍රීඩාවක් ඉතිහාසයේ නැති තරම්. ඒ වගේම Minecraft YouTube videos හදන සමහර creators ල ලෝකයේ ඉන්න ලොකුම creators ල බවට මේ ජනප්‍රියත්වය හින්ද පත් වෙලා තියනවා. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන පරිගණක ක්‍රීඩාවක් වෙන Minecraft පසුගියදා අලුත් වාර්තාවක් පිහිටෙව්වා.

පසුගිය දෙසැම්බර් 15 වෙනිදා වෙද්දි Minecraft වීඩියෝස් වලට YouTube මත ට්‍රිලියන වාරයක් නැරඹුම් වාර්තා වෙලා තියනවා. ඉලක්කමෙන් ලීවොත් 1,000,000,000,000 ක views ප්‍රමාණයක්. මේ වගේ අති විශාල views ප්‍රමාණයක් එක පරිගණක ක්‍රීඩාවකට ලැබුන පලමු අවස්ථාව මෙයයි. මේක විශේෂ වෙන්න තවත් හේතුවක් තමයි Minecraft විසින් බිලියන 500ක views ප්‍රමාණය පසු කරේ 2019දි වීම, ඉතිරි views බිලියන 500 ම මේ අවුරුදු දෙකටත් අඩු කාලයෙන් ආපු එකෙන් අපිට හිතාගන්න පුලුවන් Minecraft contents කොච්චර පිරිසක් බලන්න පටන් ඇරන්ද කියන එක.

Minecraft ලංකාවෙනම් වැඩිය ප්‍රසිද්ධ නැති නිසා මේ පරිගණක ක්‍රීඩාව ගැන පොඩි විස්තරයක් බලමු. Minecraft සංවර්ධනය කරේ Sweden වල තියන Mojang කියන studio එක. මේක 2019 දි beta සංස්‍කරණයක් වශයෙන් නිකුත් වෙලා 2011 දි තමයි full release එක සිද්ද වුනේ. මේ වෙද්දි Minecraft ක්‍රීඩාවේ පිටපත් මිලියන 238ක් විතර විකිණිලා තියනවා. මේ වෙද්දි Mojang studio එක Xbox Game Studios එක යටතෙ තමයි තියෙන්නේ. Minecraft කියන්නෙ ඇත්තටම නිසි ඉලක්කයක් නැති sandbox පරිගණක ක්‍රීඩාවක්, ඕනනම් ඔයාට Minecraft වල objectives සම්පූර්ණ කරල ඉවර කරන්න පුලුවන් උනත් මේකෙ fun එක තියෙන්නෙ මේ ක්‍රීඩාවෙ තියන නිදහසෙ. තමන් කැමති තැනක් ගවේෂණය කරන්න, කැමති දෙයක් හදන්න, survive වෙන්න වගේ දේවල් මේ ක්‍රීඩාවේදි ඔයාට පුලුවන්. Minecraft වලට game modes කිහිපයකුත් නිල වශයෙන් නිකුත් වෙලා තියනව වගේම community එක විසින් හදපු game modes විශාල සංඛ්‍යාවක් තියනවා.

ඉහත ප්‍රස්ථාරයෙන් පෙන්වනවා Minecraft වලට මේ අවුරුදු 11 ඇතුලත YouTube views කොහොම ලැබිලද කියන එක. ඒකෙන් පේනවා 2019 වගේ කාලයෙදි Minecraft වල ජනප්‍රියතාව විශාල වශයෙන් ඉහල ගිහින් තියනව වගේම අලුත් modes කිහිපයකුත් ආරම්භ වෙලා තියනව කියලා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

12 Comments

Leave a Reply to BrooklynbroCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...