Home Tech News OS Microsoft සමාගම වින්ඩෝස් 10 සදහා update ලබාදීම නවතා දමයි
OSTech NewsUpdates

Microsoft සමාගම වින්ඩෝස් 10 සදහා update ලබාදීම නවතා දමයි

Share
blank
Share

වින්ඩෝස් 10 සදහා ලබාදෙන සහය 2025 වනවිට අවසන් වන බව ඔබ දැනුවත් ඇති. එයට සමගාමීව Microsoft සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ Windows 10 22H2 එහි අවසාන version අප්ඩේට් එක බවයි.

Microsoft සමාගම වින්ඩෝස් 11 නිකුත් කිරීමෙන් පසු පරිශීලකයන්ව එම මෙහෙයුම් පද්ධතිය බාවිතා කිරීමට වැඩි වශයෙන් දිරිගැන්වූවා. එහි තවත් පියවරක් ලෙස මේ ආකාරයට ඔවුන් වින්ඩෝස් 10 සදහා නව විශේෂාංග එක්කිරීම නවතා තිබෙනව.

කෙසේවෙතත් මාස්පතා පැමිනෙන security updates 2025 ඔක්තෝම්බර් 25 වන දින වෙනකන් ලැබෙන බව එම සමාගම පවසා තිබුන. 2015දි නිකුත් කිරීමෙන් පසු වින්ඩෝස් 10 සදහා නව විශේෂාංග විශාල ප්‍රමානයක් එක් වෙමින් එය වැඩි දියුනු කර තිබෙනව. එය තවමත් ඉතා විශ්වාසදායි මෙහෙයුම් පද්ධතියක්.

Microsoft සමාගම මේ වසරේ ජනවාරි මාසයේදී වින්ඩෝස් 10 විකිනීම නවතා දැමුන.

වින්ඩෝස් 11 සදහා නිකුත් කරන LTSC (Long-Term Servicing Channel) අප්ඩේට් එක 2024 දෙවන කාර්තුවෙදි නිකුත් කරන බව නිවේදනය කර තිබෙනව. LTSC යනු Microsoft server මෙහෙයුම් පද්ධති සදහා තිබෙන සේවා විකල්පයක්.

වින්ඩෝස් 11 වල දැන් එහි තිබූ බොහොමයක් දෝශ නිරාකරණය කර තිබෙන නිසා ඉදිරි වසර කිහිපය තුල සියලු දෙනාටම වින්ඩෝස් 11 වලට ගැලපෙන system requirements සහිත පරිගණක ගෙන මෙය install කරගැනීමට සිදුවෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...