Home Tech News කල්දැමුනු Microsoft Recall නැවතත් පරිගණක වලට
Tech News

කල්දැමුනු Microsoft Recall නැවතත් පරිගණක වලට

Share
blank
Share

මාස කිහිපයකම ප්‍රමාදයකින් පසුව ඔන්න දැන් Microsoft සමාගම නැවතත් Recall AI වැඩසටහන නිකුත් කර තිබෙනවා. නමුත් දැනට එය නිකුත් කරල තියෙන්නෙ Dev channel එකක් ඔස්සෙ. Dev channel 26120.2415 සංස්කරණය තිබෙන පරිශීලකයන්ට දැන් මෙය පරීක්ශා කර බලන්න පුලුවන්. Snapdragon X චිප් තියන පරිගණක වලට වගේම Copilot+ PC වලට මෙය නිකුත් කර තිබෙනවා. AMD සහ Intel චිප් ඇති පරිගණක වලට මේ වසර අවසානයෙදි Recall විශේෂාංගය නිකුත් කරන බව Microsoft සමාගම පවසා තිබෙනවා.

Windows Recall කියන්නෙ Microsoft සමාගම මුලින්ම Copilot+ PC හදුන්වා දෙනකොට ප්‍රධාන වශයෙන් කතාකල විශේෂාංගයයි. මේ විශේෂාංගයෙන් කරන්නෙ අපි desktop එකෙ කරන හැම වැඩකම snapshot එකක් තත්පරෙන් තප්පරේට ලබාගෙන ඒ ඇසුරෙන් අපෙ පරිගණකයෙ database එකක් හදාගන්නවා. පස්සෙ අපිට පුලුවන් ඒ database එකෙන් කලින් අපි කරපු වැඩ නැවත කැදවන්න.

කොහොමවුනත් මේ අලුත් විශේෂාංගය ගැන ප්‍රසිද්ධ කරාට පස්සෙ පරිගණක ආරක්ශාව සම්බන්ධ ක්‍රියාකාරීන් දැඩි විරෝධයක් දැක්වූවා. ඔවුන් සොයාගෙන තිබුන Recall විශේෂාංගයෙන් පරිගණකයෙ රදවගන්න දත්ත unencrypted ලෙස පවතිනවා වගේම වෙනත් පිටස්තර ඕනෑම අයෙකුට මේ දත්ත වෙත ප්‍රවිශ්ට වෙන්න පුලුවන් කියල. මෙවැනි තවත් විවිධ ආරක්ශිත අඩුලුහුඩුකම් හින්ද Microsoft සමාගම Recall විශේෂාංගය නිකුත් කිරීම කල්දැමුවා.

නිවේදනය කර මාස හයකට පස්සෙ දැන් Microsoft සමාගම Recall නිකුත් කර තිබෙන්නෙ විශේෂ ආරක්ශක උපක්‍රම රැසක් සමගයි. මෙහි එකතුවන දත්ත දැන් save වෙන්නෙ VBS Enclave (Virtualization-based Security) නම් execution environment එකක් යටතේ වගේම always-on encryption පහසුකම යටතේයි. පරිශීලකයන්ට මෙහි දත්ත decrypt කරන්න පුලුවන් Hello authentication පහසුකම යටතේ පමනයි. මීට අමතරව දැන් පරිශීලකයන්ට මේ ඇප් එක සම්පූර්නයෙන්ම තමන්ගෙ පරිගණක වලින් ඉවත් කරගැනීමේ හැකියාවත් තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...