Home Tech News Explained විකල්ප ක්‍රම ඔස්සෙ අන්තර්ජාලය ලබාදෙන Microsoft Airband Initiative
ExplainedInternetTech News

විකල්ප ක්‍රම ඔස්සෙ අන්තර්ජාලය ලබාදෙන Microsoft Airband Initiative

Share
blank
Share

අන්තර්ජාල සම්බන්ධතා ලබා ගන්නට දැනට තිබෙන සාම්ප්‍රදායික තාක්ෂණ යෙදුම්වලට පිටින් ගොස්, විකල්ප නව ක්‍රම යොදා ගන්නට ලොව ප්‍රකට තාක්ෂණික සමාගම් වෙහෙසෙනව. මෙසේ, මයික්‍රොසොෆ්ට් සමාගමෙන් දියත් කර ඇති වැඩසටහන,  Airband Initiative ලෙස හඳුන්වනව.

Airband Initiative වැඩසටහන යටතේ අප්‍රිකාව සහ උතුරු මෙන්ම මධ්‍යම ඇමෙරිකානු රටවල් වෙත අන්තර්ජාල සම්බන්ධතාව ලබා දෙනු පිණිස භාවිතා කරන්නේ, රූපවාහිනි සහ රේඩියෝ සංඛ්‍යාත පරාසයයි. යම් රටකදී භාවිතයට නොගන්නා රූපවාහිනි සංඛ්‍යාත පරාසය (TVWS -TV white space) ලෙස හඳුන්වනව. ඇමෙරිකාවේදී මෙම පරාසය හෙවත් මෙගාහර්ට්ස් 600 සංඛ්‍යාත භාවිතා කරමින් 2017 සිට මයික්‍රොසොෆ්ට් සමාගම, තිස් ලක්ෂයක් දෙනාට අන්තර්ජාල සම්බන්ධතාව ලබාදීල තිබෙනව.

දැන් මෙම  Airband Initiative වැඩසටහන යටතේ ලොව වෙනත් රටවලට අන්තර්ජාල සම්බන්ධතාව ලබා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගම සැරසෙනව. චන්ද්‍රිකා ඔස්සේ හෝම් ඉන්ටනෙට් සේවා සපයන, වියසැට් සමාගම (viasat.com) සමඟ මයික්‍රොසොෆ්ට් සමාගම, පසුගිය 2022 දෙසැම්බර් 14 වැනිදා මීට අදාළ ගිවිසුමට එළැඹ තිබෙනව. දැනටමත් කොලොම්බියාවේ පාසැල් වෙත නොමිලේ සපයන අන්තර්ජාල සම්බන්ධතාව, එරට හැට ලක්ෂයක් ජනයා වෙත දියත් කරන්නට මෙ නිසා පුළුවන් වෙතැයි මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබෙනව.

අද ලෝකයේ මිනිස්සු කෝටි 800 ක් පමණ සිටිනව. ඉන් අන්තර්ජාලය භාවිතා කරන්නේ කෝටි 500ක් පමණ සෙනඟක්. එනම් මුළු ලෝක ජනගහනයෙන් 62% ක් පමණ වෙන සෙනඟක්. ඊට හේතුව ඒ අයගේ නොකැමැත්ත නොව අන්තර්ජාල සබඳතාව ලබා ගැනීම පිණිස තිබිය යුතු ලෝක සම්මත යටිතල පහසුකම් ඒ ජනයා වෙසෙන පෙදෙස් වල නොමැති වීමයි. අන්තර්ජාල සම්බන්ධතා ලබා ගන්නට දැනට තිබෙන සාම්ප්‍රදායික තාක්ෂණ යෙදුම් වලට පිටින් ගොස්, විකල්ප නව ක්‍රමයොදා ගන්නට ලොව ප්‍රකට තාක්ෂණික සමාගම් වෙහෙසෙන්නේ මෙ නිසායි.

SpaceX සමාගම, ස්ටාර් ලිංක් නම් චන්ද්‍රිකා ජාලයක් භාවිතා කරමින්, ලොව පුරා රටවල් 45 අන්තර්ජාල සම්බන්ධතාව ලබා දෙනව. පොළොවේ පහළ කක්ෂයේ (LEO – low Earth orbit) ස්ථානගත කර ඇති කුඩා චන්ද්‍රිකා 3300 ක් ඔස්සේ පොළොවේ ග්‍රාහක හා සම්බන්ධ වී අන්තර් ජාල සබඳතාව ලබාදීම මෙහි තාක්ෂණයයි.

Othernet වශයෙන් හැඳින්වෙන, ඇමෙරිකානු තාක්ෂණික සමාගමක් තිබෙනව. චන්ද්‍රිකා හරහා පොළොවට විසුරුවා හරින දත්ත ධාරා, සාමාන්‍ය සැටලයිට් ඇන්ටෙනාවකින් එක් රැස් කර ගෙන, වයිෆයි තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල සම්බන්ධතාව ලබාදීම මෙහි මූලික ආකෘතියයි. මෙම වැඩ සටහන යටතේ කෙන්යාවේ පාසැල්වලට අන්තර්ජාල සබඳතාව ලබාදී තිබෙනව.

සූර්ය බලයෙන් පණ ලබා අහසේ සරන යානා මඟින් පොළොවට අන්තර්ජාල සම්බන්ධතාව ලබා දීමේ වැඩසටහනක් ගැන මෙටා සමාගමද අත්හදා බැලීම් කරමින් සිටිනව. හරියට හිරු කිරණ පොළොවට එන්නාක් සේ ගුවනේ සිට දත්ත ධාරා (data beams) පොළොවට එවන වැඩසටහන, ඇකිලා ( Project Aquila) ලෙස හඳුන්වනව.

අධිවේගී අන්තර්ජාල සබඳතා ලබා දිය හැකි ඩ්‍රෝන යාත්‍රා ව්‍යාපෘතියක් ගැන පර්යේෂණ ගූගල් සමාගම විසින් අරඹා තිබෙනව. එය ස්කයිබෙන්ඩර් (skybender) නම් වෙනව. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ඩ්‍රෝන යානා යොදා ගෙන මිලිමීටර් තරංග තාක්ෂණය (millimeter – wave radio transmissions) ඇසුරු කර ගෙන ගුවනේ සිට අන්තර්ජාල සබඳතා ලබාදීම මෙහිදී යොදා ගැනෙන තාක්ෂණයයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...