Home Tech News Internet Google Meet meetings Stream කරන හැටි
Internetsocial mediasoftwareTech News

Google Meet meetings Stream කරන හැටි

Share
blank
Share

ලෝකය පුරා වසංගතයක් පැතිරීමත් සමග හුඟක් ආයතන තමන්ගෙ රැස්වීම් පැවැත්වීමට Zoom, Google Meet වගේ platforms පාවිච්චි කරන්න පෙලඹුනා. Google Meet මේ වෙනකොට ඒ මත කරන සිදු කරන meetings පහසුවෙන්ම YouTube මත livestream කරන්න පහසුකමක් හඳුන්වලා දීලා තියනවා. මේ පහසුකමින් වඩාත් ලේසියෙන් නරඹන්නන් හට අදාල livestream එක බැලීමට හැකියාව ලැබෙනවා. කලින් එලෙස කිරීමට අවශ්‍ය නම් නරඹන්නන් හට meeting එකට invite කිරීමට හෝ වෙනත් තුන්වන පාර්ශවීය සේවාවක උදව්වෙන් YouTube livestream කිරීමට සිදුවුනා. Google Workplace admins ලට පුලුවන් තමන් කළමනාකරණය කරන business accounts වල මේ හැකියාව සක්‍රීය හෝ අක්‍රීය කිරීමට.

මේ අලුත් පහසුකම බොහෝමයක් මුදල් ගෙවා ලබාගන්නා ලද workplace accounts වලට සක්‍රීය කරගන්න පුලුවන්. Enterprise tiers (starter, standard, and plus), Education Plus, Teaching සහ Learning upgrade, සහ Workplace individual subscribers යන accounts වලටත් ඒත් එක්කම සමහර රටවල් වල Google One Premium plan සාමාජිකයින් හටත් මේ පහසුකම පාවිච්චි කිරීමට හැකියාව තියනවා. කොහොම උනත් starter, basic, legacy, හෝ essentials packages භාවිතා කරන සාමාජිකයන්ට මේ පහසුකමක් භාවිතා කිරීමට තවමත් ඉඩ සලසල දීලා නෑ.

ඔබට YouTube හි Google Meet සැසියක් livestream කිරීමට අවශ්‍යනම් ඊට පෙර ඔබගේ YouTube නාලිකාව කල්තියා අනුමත කරගැනීමට සිදු වෙනවා. මෙලෙස channel එකක් අනුමත වෙන්නෙ පැය 24ක විතර කාලයක් ගත වෙනවා. මේ livestreams කොතරම් දිගු වෙන්න පුලුවන්ද වගේ privacy settings සම්පූර්ණ ලැයිස්තුවක් ඒ පිටුවෙදි ඔබට දැකගන්න පුලුවන් වෙනවා.

2021 ජූනි මාසයේදී Google Meet භාවිතා කරන ගුරුවරුන් සඳහා රැස්වීම් වැනි දේවල් YouTube හරහා livestream කිරීමට පහසුකමක් හඳුන්වාදුන්නා, ඒ වගේ පහසුකමක් තමා දැන් පුළුල් ලෙස අනෙක් users ලටත් මේ වෙනකොට නිකුත් කරමින් පවතින්නේ.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...