LG smart watch දෙකක් එක්ක Android Wear 2.0 නිකුත් වෙයි
Google සමාගම තමන්ගෙ wearable device operating system එකේ නවතම සංස්කරණය වන Android wear 2.0 පහුගිය බදාදා නිකුත් කලා. මේ එක්කම Google pixel phone එක වගේ smart watches හදුන්වාදෙයි කියල තිබුන විශ්වාසය කඩ කරමින් LG සමාගමත් එක්ක එකතුවෙලා නිපදවපු smart watch model දෙකක් තමයි නිකුත් උනේ. (පෙර ලිපිය මෙතනින් කියවන්න)
Android Wear 2.0
නව Android wear සංස්කරණයට අලුතෙන් එකතු වෙච්ච ගුණාංග වෙන්නෙ
- Built in WiFi – Bluetooth
- Accelerometer
- Gyroscope
- GPS
- LTE
- NFC
- Heart rate sensor
- Android Pay
- Android Wear App store
ඉහත පහසුකම් එකතුවීමත් සමග Apple watch එකත් එක්ක පහසුකම් අතින් සම මට්ටමකට එන Android Wear, smart phone එකකින් තොරව තනිව ක්‍රියාත්මක වන devices විදිහටත් පියවරක් තියල තියෙනව. මේ Android Wear Devices, Android හෝ iPhone එකක් එක්ක පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම දැන් device එකේම WiFi සහ LTE පහසුකම් තියෙන නිසා iPhone වගේ locked down system එකක් එක්ක සම්බන්ධ වෙලා තියෙද්දි උනත් වෙනම internet එකට connect වෙලා Apps Download කරන්නත් පුලුවන්. (මේ නවතම සංස්කරණය තවමත් හරිහැටි iMessage එක්ක වැඩ කරන්නෙ නැහැ)
LG Smart Watches – “Designed with our friends at Google”
LG සමාගම නව Android Wear 2.0 සංස්කරණයත් සමග smart watches දෙකක් නිකුත් කලා. Google සමාගමේ අධීක්ෂණය යටතේ නිපදවපු මේ devices, “sport” සහ “style” කියන model දෙකකින් නිකුත් උනා.
Sport watch එකේ පහසුකම් සහ ගුණාංග | Style watch එකේ පහසුකම් සහ ගුණාංග |
---|---|
අගල් 1.38 P-OLED ස්ක්‍රීන් එක | අගල් 1.2 P-OLED ස්ක්‍රීන් එක |
480x480 Resolution සහ 348 ppi | 360x360 Resolution සහ 299 ppi |
1.1 GHz snapdragon 2100 chip | 1.1 GHz snapdragon 2100 chip |
768 MB RAM | 512 MB RAM |
4GB Storage | 4GB Storage |
WiFi / Bluetooth | WiFi / Bluetooth |
Accelerometer / Gyroscope | Accelerometer / Gyroscope |
GPS / LTE / NFC | 240 mAh battery |
Heart Rate Sensor | IP67 Water & Dust ressitance |
430 mAh battery | |
IP68 Water and Dust resistance |
1 Comment