Home Tech News Graphics හිස ඔසවන intel Graphics
GraphicsTech News

හිස ඔසවන intel Graphics

Share
blank
Share

intel සමාගම Onboard Graphics වෙනුවට තමන්ගෙම dedicated Graphics Chip එකක් සමග නිකුත් වන පළමු Laptop එක ගැන Asus සමාගමේ Product page එකකින් තොරතුරු වාර්ථා වෙනව.

Asus සමාගමේ තවමත් නිකුත් වී නොමැති Asus Vivobook Flip 14 Product page එකේ තොරතුරු තුල intel සමාගමේ අළුත්ම Discrete Graphics ගැන තොරතුරු අඩංගු වෙන බව පෙනී යනව. මෙම නව Vivobook Flip 14හි තොරතුරු අනුව intel core i7 සමග පළමු intel Discrete Graphics අඩංගු බව සදහන් වන අතර එහි Specifications page එකේදීද මෙය “Fisrt intel Discrete Graphics” ලෙස සදහන් කර තිබෙනව.

මේ අනුව intel සමාගමේ Dedicated graphics සහිත නිෂ්පාදන වෙළදපොලට පැමිණීම මේ වනවිට ආරම්භ වී තිබෙන බව තහවුරු කර ගැනීමට හැකිවෙනවා. ඒ වගේම මෙහි 4GB VRAM ලෙස සදහන් වීම හරහා මෙම Discrete intel GPU එකට 4GB Dedicated VRAM එකක් ලබාදී ඇති බව අනුමාන කල හැකි වෙනවා.

මෙය intel සමාගමේ DG1 Discrete GPU ලෙස හදුන්වන intel iris XE GPU එක බවත් cores 768ක් සහිත මෙහි GDDR6 4GB VRAM එකක් අඩංගු විය හැකි බවටත් මත ප්‍රකාශ වී තිබෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...