Home Tech News පළමු පියාසැරියට සැරසෙන Ingenuity!
Tech News

පළමු පියාසැරියට සැරසෙන Ingenuity!

Share
Share

දින 204 ක ගමනකින් පසුව පසුගිය පෙබරවාරි 18 NASA Preseverance රෝවරය අඟහරු මතට සාර්ථක ගොඩබස්සන ලදී.ඒවගේම එයත් සමඟ ඇති තාක්ෂණික උපාංග කිහිපයක අඟහරු මතදී මතදී සිදු කරන පරීක්ෂා කිරීම් කිහිපයක්ම මේ වන විට සිදු කර තිබෙනවා.

මේ අතර බොහෝ දෙනෙකු දෑස් දල්වාගෙන බලා සිටින අඟහරු හෙලිකොප්ටරය නැත්නම් Ingenuity ව ලබන අප්‍රේල් මස ගුවන්ගත කිරීමට බලාපොරොත්තු වන බව දැනගන්න ලැබෙනවා.දැනට මෙම යානය perseverance රෝවරයේ බඳ කොටසට සවි වී ඇති අතර එය රෝවරය ගොඩබා දින 30ත් 60ත් අතර කාලයක් තුල අඟහරු පෘෂ්ඨයට පතිත කිරීමට නියමිතය.එමෙන්ම මේ වන විට අඟහරු රාත්‍රින් වල -90°C පමණ උෂ්ණත්ව වලට හොඳින් මුහුණ දීමට ද Ingenuity ට හැකියාව ලැබී තියෙනවා.

                         Ingenuity ගේ බර පෘථිවියේදී 1.8 Kg වන නමුත් අඟහරුගේ අඩු ගුරුත්වය හේතුවෙන් අඟහරු මතදී එහි බර 0.68 Kg පමණ වේ.මෙහි උස 0.49m වන අතර පියාපත් පලළ 1.2 m වේ.මෙම යානයට බලය සැපයීමට Sony Li-ion බැටරි 6ක් යොදාගෙන ඇති අතර එමඟින් 350W බලයක් යානයට ලබාදෙයි.එම සම්පූර්ණ බලයම සූර්ය කෝෂ මඟින් නිපදවා ගැනීමට Ingenuity ට හැකියාව පවතී.Ingenuity ගේ පියාසර කාලය තත්පර 90ක් වන අතර එක් වරකට 4.5m උපරිම උසකින් 50m පමණ  ආවරණය කිරීමට හැකි වේ යැයි NASA හි Ingenuity නිෂ්පාදක JPL (Jet Propulsion Labratory) අපේක්ෂා කරයි.Ingenuity ට ඇති අනෙක් අභියෝගය වන්නේ අඟහරු මතුපිට ඇති තුනී වායුගෝලයයි.එහි ඝනත්වය පෘථිවි වායුගෝලයේ ඝනත්වයට වඩා 1% ටත් වඩා අඩුය.එයට මුහුණ දීමට Ingenuity ගේ rpm අගය 2400 ක් (සමාන්‍ය හෙලිකොප්ටරයක rpm 500 ක් පමණ වේ) පමණ වන ලෙස නිපදවා ඇති අතර එමඟින් මෙයට අවශ්‍ය එසවුම් බලය ලබාගත හැකි වේ යැයි NASA ආයතනය අපේක්ෂා කරයි.

                           පෘථිවිය හා අඟහරු අතර දුර කිලෝමීටර මිලියන 200 කට අධික බැවින් ගුවන්විදුලි තරංගයකට අඟහරු වෙතට ගමන් කිරීමට විනාඩි 11ක පමණ කාලයක් ගතවේ.එම නිසා Ingenuity හි ඇති කැමරා සහ sensors මඟින් ලබාගන්නා දත්ත සහ Pre-Set Parameters දත්ත භාවිත කර පූර්ණ ස්වයංක්‍රීය පියාසැරියක් සිදු කරයි.කෙසේවුවද පළමු පියාසැරිය තත්පර 20-30ත් අතර කාලයකට සැලසුම් කර ඇති අතර එහිදී තත්පරයට 1m වේගයකින් ඉහළ නඟිමින් 3m උපරිම උසකින් පියාසර කිරීමට බලාපොරොත්තුවන බව සඳහන් වෙයි.පළමු පියාසැරියේ සාර්ථකත්වය මත Ingenuity තවත් පියාසැරි හතරක් පමණ මසක් ඇතුළත සිදුකිරීමට NASA ආයතනය බලාපොරොත්තු වේ.මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් එය මිනිසා විසින් පෘථිවියෙන් පිටතදී සිදුකර ප්‍රථම ගුවන්ගත වීම ලෙස ඉතිහාසගත වීමට නියමිතය.

Share

4 Comments

Leave a Reply to Master GuideCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...