Home Tech News Amazon සමාගමේ අලුත්ම AI වැඩසටහන
Tech News

Amazon සමාගමේ අලුත්ම AI වැඩසටහන

Share
amazon-nova
Share

AI තාක්ශනය දැන් සියලුම ප්‍රධාන පෙලේ සමාගම් භාවිතා කරන්න වගේම ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ලබාදෙන්නත් කටයුතු කරනවා. මේ අතරින් AI සඳහාම විශේෂ වුනු OpenAI සමාගම, Google සමාගම සහ Anthropic සමාගම දක්වන්න පුලුවන්. මේ සමාගම් තුනෙන්ම නිකුත් කරන AI chatbot වැඩසටහන් ඉතාමත් බලසම්පන්නයි වගේම ඒවා දිනෙන් දින තවත් වැඩිදියුණු වෙමින් පවතිනවා.

ඉතින් මේ AI තරගයට අලුතෙන් එක්වෙන සමාගම තමයි අපි කවුරුත් දන්න Amazon සමාගම. අනෙක් සමාගම් වලට වඩා AI තරගයෙන් පසුපසින් සිටියත් Amazon සමාගමෙන් නිකුත් කරන මේ AI වැඩසටහන ඉතාමත් බලසම්පන්න එකක්. 

මේක ඔවුන් නිර්මානය කර තිබෙන්නෙ AI models කිහිපයක් විදියට. මේ AI model එක ඔවුන් Nova ලෙස නම්කර තිබෙනවා. Nova Micro, Nova Lite, Nova Pro, Nova Premier, Nova Canvas, සහ Nova Reel ලෙස models හයක් ඔවුන් හදුන්වා දී තිබෙනවා.

මේ අතරින් Nova micro භාවිතා කරන්න පුළුවන් සරල text only prompt එකක්  ලබාදීලා පිලිතුරු ලබාගන්න පුලුවන්. Nova Lite එකෙන් සරල image, video සහ text ලබාගැනීමේ හැකියාව තිබෙනවා. Nova Pro කියන්නෙ වැඩි හැකියාවන්ගෙන් යුත්ත model එකක්. වඩාත් සංකීර්ණ වැඩ සඳහා භාවිතා කරන්න තියෙන්නෙ Nova Premiere model එකයි. Nova Canvas model එකෙන් AI video සහ images generate කරන්න පුලුවන්. මුලින්ම මේ Nova models සංවර්ධකයන් සදහා පමණයි නිකුත් කරන්නෙ.

Amazon සමාගම මේ AI model එක ඔවුන්ගෙ shopping app එකට සහ Alexa voice assistant වැඩසටහනට එක්කරන බවට සඳහන් කර තිබෙනවා.

Benchmark වලින් පෙනෙන්නෙ Nova model එක Claude 3.5 Sonnet හෝ GPT-4o model එක තරන් බලසම්පන්න නොවන බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...