Home Tech News ලංකාවේ පුහුණුවක් ගැන කියමින් ඉන්දීය හමුදාවට හැකර් ප්‍රහාරයක්
Tech News

ලංකාවේ පුහුණුවක් ගැන කියමින් ඉන්දීය හමුදාවට හැකර් ප්‍රහාරයක්

Share
blank
Share

පහුගිය සතියෙ සිද්ධ වෙච්ච wannacry ප්‍රහාරයත් එක්කම තවත් hacker ප්‍රහාර ගැන අහන්න ලැබෙනව. පහුගිය සතියෙ සිකුරාද, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ලංකාවට ආපු දවස් වලම තමයි මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නෙ.

ඉන්දීය හමුදාවේ නිලධාරීන්ට ආව email පණිවිඩයකින් කියවුනෙ ලංකාවෙ යුද පුහුණුවක් සදහා අයදුම් කරන්න කැමති නම් මේ සමග  අමුණා තියෙන (DEPUTATION_OF_ONE_ARM Y_OFFICER_TO_ATTEND_SRI_ LANKA. Xls) කියන excel file එක පුරවල එවන්න කියලයි.

මේක එවල තිබුනෙත් සාමානයෙන් වෙනත් රටවල් වල යුද පුහුණුව ක්‍රියාකරන ඉන්දීය හමුදාවෙ Indian Army’s Directorate General of Military Training එකෙන් එන විදිහටයි. කොහොම වෙතත් මේ වගේ දෙයකට කවදාවත්ම තමන්ගෙ personal mail inbox වලට අයදුම් පත් යොමු කරන්නෙ නැති නිසා ඒ ගැන සැක කරපු ඉන්දීය නිලධාරීන් මේ ගැන තමන්ගෙ cyber group එක දැනුවත් කරල.

මේ එක්කම indian army Cyber Group එක ඒ ගැන නිවේදනයක් නිකුත් කරල ඒ ප්‍රහාරය වලක්වල තියෙනව. බැරිවෙලාවත් මේ file එක එක්කෙනෙක් හරි open කරා නම් කාටත් හොරෙන් ඔත්තු බලන්න පුලුවන් malware එකක් computer එකට install වෙන්නයි හදල තිබුනෙ.

දැනට මේ ප්‍රහාරයට පාකිස්තාන සහ චීන හැකර්වරු සම්බන්ධ බවට මේ ගැන පරීක්ෂණ කරන ඉන්දීය Army Cyber Group සහ Computer Emergency Response Team සැක කරනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...