Home Tech News OpenAI Sora ට අභියෝග කරන Google Veo
Tech News

OpenAI Sora ට අභියෝග කරන Google Veo

Share
blank
Share

Google සමාගම මගින් OpenAI සමාගමේ Sora වීඩියෝ යෙදවුමට අභියෝග කරමින් ඔවුන්ගේ නවතම Text to Video generate කිරීමේ හැකියාව සහිත Google Veo යෙදවුම එළිදක්වා තිබේ.

මෙමගින් මිනිත්තුවකට වඩා වැඩි කාලයක් පුරා දිවෙන 1080p resolution සහිත වඩාත් තාත්වික වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව පවතින බව Google සමාගම පවසයි. එසේම මෙයට මුලින් වීඩියෝවක් input කර ඉන්පසු අපට Prompts ලබා දෙමින් අපට අවශ්‍ය ආකාරයට එම වීඩියෝව සංස්කරණය කරගැනීමේ හැකියාවද පවතී.

එසේම මෙයට ඡායාරූපයක් සමඟ Text Prompts ලබාදෙමින් එම ඡායාරූපය භාවිතා කරමින් අප ලබාදෙන Text Prompts වලට අනුව වීඩියෝ නිර්මාණය කිරීමටද හැකියාව පවතී.Google සමාගම පවසන ආකාරයට මෙය ඔවුන්ගේ වසර ගණනාවක Generative Query Network (GQN), DVD-GAN, Imagen-Video, Phenaki, WALT, VideoPoet හා Lumiere ආදී කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් පර්‍යේෂන ගණනාවක ප්‍රතිඵලයක් වන අතර මෙය ලඟදීම VideoFX හරහා පරිශීලකයන්ට අත්හදා බැලීමට ලබාදීමට නියමිතය.

එසේම Google සමාගම පවසන ආකාරයට ඔවුන් මෙම යෙදවුම වඩාත් ආරක්ෂිත සහ වගකීම් සහගත ලෙස හඳුන්වා දෙනු ලබන අතර මෙය ඔවුන්ගේ SynthID නම් යෙදවුම හරහා Watermark කිරීම සිදුකරනු ලබයි. එසේම මෙය තුළ Safety filters ගණනාවක් අන්තර්ගත කර ඇති බවද පැවසේ.

මෙම යෙදවුම මගින් නිර්මාණය කළ වීඩියෝ නැරඹීමට පහත Link එක හරහා පිවිසෙන්න.

Veo – Google DeepMind

#GoogleVeo #texttovideo #sora #GoogleIO #OpenAI #Lumiere #google

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...