Home Tech News software PC වලට එන Google play games
softwareTech NewsUpdates

PC වලට එන Google play games

Share
blank
Share

සෑම Android දුරකතනයකම pre-installed app එකක් ලෙස Google play games තිබෙනව. නමුත් දැන් එය දුරකතන වලට පමනක් නොව පරිගණක සදහාත් සහය දක්වනව.

දැනට US, Canada, Mexico, සහ Singapore යන රටවල කිහිපයකට පමණයි Google Play Games for PC ලබාදීලා තියෙන්නෙ. ඉදිරියෙදී මෙය සෑම රටකටම සහය දක්වන ලෙස නිකුත් කරන බව Google සමාගම පවසා තිබෙනව.

දැනට මෙම Google play games වල betaසංස්කරණයක් පමනයි නිකුත් වෙලා තියෙන්නෙ. මෙමගින් දැනට Android games කිහිපයක් පරිගණකයට බාගත කර ගෙන play කිරීමේ අවස්තාව උදා වී තිබෙනව.

මෙම වසරේ ජනවාරියේදී Google සමාගම Taiwan සහ Hong Kong යන රටවල් කිහිපයක Google play games පරිගණක සදහා අත්හදා බැලීම සිදුකරා.

මෙම Google play games app එක බාවිතා කිරීමට නම් Windows 10 හෝ 11 තිබීම, 10GB storage space එකක් තිබීම, Intel UHD 630 හෝ වෙනත් ගැලපෙන GPU එකක් තිබීම, අවම වශයෙන් Physical core 4ක්වත් සහිත CPU එකක් තිබීම මෙන්ම 8GB RAM එකක් තිබීමත් අනිවාර්ය වෙනව.

දැනට Google play games සදහා ක්‍රීඩා 85 එක්කර තිබෙනව. Google සමාගම පවසන්නෙ ඉදිරියේදී මෙයට තවත් ක්‍රීඩා එක් කරන බවයි. Cookie Run: Kingdom, WWE SuperCard යන ක්‍රීඩා මෙයට එක්කර තිබෙන ප්‍රධාන ක්‍රීඩා අතරින් කිහිපයක්. ඒවුනත් Apple arcade සහ Netflix තුල මීට වඩා ජනප්‍රිය, උසස් මට්ටමේ ක්‍රීඩා දක්නට ලැබෙනව.

Microsoft සමාගම Windows මෙහෙයුම් පද්ධතිය සදහා Android apps හදුන්වා දීමේ උත්සහයේ තවත් එක් පියවරක් විදියට මෙම Google play games හදුන්වන්න පුලුවන්. කෙසේ නමුත් Google සමාගමේ Stadia ව්‍යාපෘතියට වඩා ඉදිරි ගමනක් Google play games සදහා තිබේවියැයි බලාපොරොත්තු වෙමු.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...