Home Tech News Phones Pixel Watch ගැන කටකතා
PhonesTech News

Pixel Watch ගැන කටකතා

Share
blank
Share

මේ දිනවල Google ආයතනයේ අලුත්ම product එක වෙයි කියල බොහෝ දෙනෙක් කියන්නෙ Pixel Watch නමින් හඳුන්වන Smart Watch එකයි. මේ ගැන තවම නිල වශයෙන් Google ආයතනය කිසි දෙයක් ප්‍රකාශ කරල නැති උනත් අන්තර්ජාලයේ අපිට මේ Smart Watch එක පිළිබඳව විවිධ කටකතා සහ leaks දැකගන්න පුළුවන් වෙලා තියනවා. Pixel Watch එක මේ අවුරුද්දෙ release කරන්න Google ආයතනය ලෑස්ති වෙලා ඉන්නවනම් ඒකට හොඳම අවස්ථාව තමා මැයි මාසයේ තියෙන Google I/O Event එක.

මීට කලින් විවිධ leakers ල මේ Pixel Watch එක release වෙන දිනයන් ගැන සඳහන් කරල තිබුනත් ඒව අසත්‍ය බව මේ වෙද්දිත් ඔප්පු වෙලා තියනවා. නමුත් මේ වෙද්දි විශ්වාසනීය leaker කෙනෙක් වන Jon Prosser එයාගෙ YouTube Show එකේදි මේ Pixel Watch එකේ පෙනුම කොහොම වෙයිද කියල සඳහන් කරල තියනවා. සඳහන් වෙන විදිහට මේ Smart watch එක bezel-less circular design එකකින් සමන්විත වේවි. ඒ වගේම මේ renders වලින් දකින්න ලැබෙන විදිහට මේ watch එකේ කිසිම button එකක් දකින්න ලැබෙන්නෙ නෑ, තියෙන්නෙ දකුණු පැත්තෙ තියන crown එක විතරයි.

Apple Watch වගේ නෙවේ මේ Pixel Watch එකේ මුහුණත සම්පූර්ණයෙන්ම රවුම් හැඩයක් ගන්නවා. ඇතුලතින් මෙහි heart rate sensor එකක් ඇතුලත් වීමට ඉඩ ඇති නමුත් Apple Watch Series 6 එකේ ඇතුලත් blood oxygen sensor මෙන් දියුණු සෞඛ්‍ය විශේෂාංග ඇතුලත් වෙනවද කියලනම් තවම හරි තොරතුරක් නෑ. Prosser සඳහන් කරන විදිහට Pixel Watch එකට Google ආයතනය විසින් විවිධ bands 20ක් පමණ නිකුත් කරන්න නියමිතයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...