Home Tech News Phones Pixel Watch ගැන කටකතා
PhonesTech News

Pixel Watch ගැන කටකතා

Share
blank
Share

මේ දිනවල Google ආයතනයේ අලුත්ම product එක වෙයි කියල බොහෝ දෙනෙක් කියන්නෙ Pixel Watch නමින් හඳුන්වන Smart Watch එකයි. මේ ගැන තවම නිල වශයෙන් Google ආයතනය කිසි දෙයක් ප්‍රකාශ කරල නැති උනත් අන්තර්ජාලයේ අපිට මේ Smart Watch එක පිළිබඳව විවිධ කටකතා සහ leaks දැකගන්න පුළුවන් වෙලා තියනවා. Pixel Watch එක මේ අවුරුද්දෙ release කරන්න Google ආයතනය ලෑස්ති වෙලා ඉන්නවනම් ඒකට හොඳම අවස්ථාව තමා මැයි මාසයේ තියෙන Google I/O Event එක.

මීට කලින් විවිධ leakers ල මේ Pixel Watch එක release වෙන දිනයන් ගැන සඳහන් කරල තිබුනත් ඒව අසත්‍ය බව මේ වෙද්දිත් ඔප්පු වෙලා තියනවා. නමුත් මේ වෙද්දි විශ්වාසනීය leaker කෙනෙක් වන Jon Prosser එයාගෙ YouTube Show එකේදි මේ Pixel Watch එකේ පෙනුම කොහොම වෙයිද කියල සඳහන් කරල තියනවා. සඳහන් වෙන විදිහට මේ Smart watch එක bezel-less circular design එකකින් සමන්විත වේවි. ඒ වගේම මේ renders වලින් දකින්න ලැබෙන විදිහට මේ watch එකේ කිසිම button එකක් දකින්න ලැබෙන්නෙ නෑ, තියෙන්නෙ දකුණු පැත්තෙ තියන crown එක විතරයි.

Apple Watch වගේ නෙවේ මේ Pixel Watch එකේ මුහුණත සම්පූර්ණයෙන්ම රවුම් හැඩයක් ගන්නවා. ඇතුලතින් මෙහි heart rate sensor එකක් ඇතුලත් වීමට ඉඩ ඇති නමුත් Apple Watch Series 6 එකේ ඇතුලත් blood oxygen sensor මෙන් දියුණු සෞඛ්‍ය විශේෂාංග ඇතුලත් වෙනවද කියලනම් තවම හරි තොරතුරක් නෑ. Prosser සඳහන් කරන විදිහට Pixel Watch එකට Google ආයතනය විසින් විවිධ bands 20ක් පමණ නිකුත් කරන්න නියමිතයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...