Home Tech News Events නොමිලේ Live Stream කරපු Google I/O 2021
EventsTech News

නොමිලේ Live Stream කරපු Google I/O 2021

Share
Share

Google I/O කියන්නෙ Google ආයතනය විසින් වාර්ශිකව පවත්වනු ලබන developer conference එකක්. මේ මගින් Google ආයතනය මූලික කරගත් විවිධ hardware, software සහ වෙනත් updates හඳුන්වාදෙනවා. වසංගත තත්වය හේතුවෙන් පසුගිය වසරෙ Google I/O නොපැවැත්වුනත් මේ වසරෙ එය virtual ආකාරයෙන් පැවැත්වීමට Google ආයතනය කටයුතු කලා.

2021 මාර්තු 18, 19 සහ 20 යන දින තුන තුල පැවැත්වූ Google I/O 2021 හරහා මේ වසරේදීත් අළුත්ම Hardware / Software වගේම Ai updates රැසක් ලබාදෙන්න Google ආයතනය කටයුතු කලා. ශ්‍රී ලංකාව තුලත් Google I/O ආරම්භක Keynote එකට සමාන්තරව Google I/O Extended කියල විවිධ එකතුවන් පසුගිය වසර කීපයේම පැවැත්වුනා.

Google I/O පටන් ගන්නෙ Google CEO Sundar Pichai ඇතුලු Google ආයතනය ඉහල පෙලේ නිළධාරීන් එක එක products හඳුන්වාදෙන ප්‍රධාන Keynote එකෙන්. ඉන්පසු Google ආයතනයේ විවිධ ප්‍රධානීන් අළුත්ම අංගයන් ගැන පැහැදිල කිරීම් සහ Demos ලබාදීම සිදුවෙනවා. පසුගිය වසරවල්වල events වලට සහභාගී වෙන්න ඩොලර් 1000කට අධික මුදලක් ගෙවල pass එකක් ගන්න අවශ්‍ය උනත් මේ අවුරුද්දෙ සියලු events නොමිලේ livestream කරන්න Google ආයතනය කටයුතු කලේ වෙනත් රටවල් වල පැවැත්වූ Extended Events සියල්ලත් COVID 19 නිසා අවලංගු කල පසුබිමකයි.

Share

1 Comment

Leave a Reply to ThilniCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...