Home Tech News අලුත් වෙන Apple iMac Pro
Tech News

අලුත් වෙන Apple iMac Pro

Share
blank
Share

Apple iMac පවුලට එකතු වෙන අලුත්ම බලවතා තමයි iMac Pro කියල කියන්නෙ. අවුරුදු 3ක් විතර කාලයක් වැඩි අවධානයක් නොලැබුන Apple Computer වලට ආයෙත් මේ විදිහට Update එකක් ලැබීම සතුටු වෙන්න පුලුවන් කාරණයක්.

Apple සමාගම තමන්ගෙ Professional Computer පාවිච්චි කරන අය ගැන වැඩි අවධානයක් යොමු කරන්නෙ නෑ කියන එක ගැන මම මීට කලින් ලිපියක ලිව්ව. ඒ ගැන මෙතනින් කියවන්න. ඉතින් මේ අලුත් iMac Pro එකත් එක්ක Apple සමාගම තමන්ගෙ pro users ලට දෙන්න පුලුවන් හොදම option තියෙන iMac එකක් Design කරල තියෙනව.

Screen
අගල් 27 iMac Pro එකට තියෙන්නෙ 5K Resolution එකක් තියෙන Screen එකක්ග ඒ කියන්නෙ 5120 × 2880 pixel Resolution එකක්. මේක Drawing, Video Editing, CAD, 3D වගේ දේවල් කරන usersලට නම් සෑහෙන වැදගත් වේවි.

 Processor
8 core – 10 core එහෙමත් නැත්නම් 18 core විදිහෙ Configuration වලින් intel ලගේ හොදම Processor line up එක වෙන intel Xeon Processor එකක් iMac pro එකට එනව.

RAM
DDR 4 ECC RAM පාවිච්චි කරන මේ iMac Pro එකට 128 GB වෙනකම් RAM එක වැඩි කරන්න පුලුවන්. මේක මීට කලින් iMac එකක තිබුන උපරිම සීමාව වෙච්ච 64GB වලට වඩා දෙගුණයක්.

Graphics
මේ හැම ගුණාංගයක් එක්කම Apple සමාගම Radeopn Pro VEGA GPU තමයි තමන්ගෙ අලුත්ම iMac Pro එකට යොදාගෙන තියෙන්නෙ.

Storage
1TB Fusion Drive එකකින් පටන් ගන්න iMac Base Model එක 4TB දක්වා Storage එක වැඩි කරන්න පුලුවන්. ඉතින් තමන්ට අවශ්‍ය තරම් Storage වලට iMac pro එක Configure කරගන්න පුලුවන්.

මේ වගේ High performance iMac එකක් Design කරද්දි මේ කොටස් අධිකව රත්වීම නිසා අලුත් iMac pro එකේ Cooling සදහා අලුත්ම Thermal Design එකක් පාවිච්චි කරල තියෙනව. Fan 2ක් පාවිච්චි කරල තියෙන මේ අලුත් Design එකේ කලින් වගේම කිසිම සද්දයක් නැතුව වැඩි හුලං ප්‍රමාණයක් Casing එක ඇතුලෙ සංසරණය වෙනව.

මේ හැම Feature එකක් එක්කම Base model එක $4999 කට මිල කරල තියෙන මේ iMac pro එක මිලදී ගන්න පුලුවන් වෙන්නෙ මේ අවුරුද්දෙ අන්තිමට, ඒ කියන්නෙ දෙසැම්බර් මාසෙ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...