Home Tech News Phones Google සහ iFixit එකතුවෙන් Pixel දුරකථන අලුත්වැඩියාව පහසු කිරීමට පියවර
PhonesTech News

Google සහ iFixit එකතුවෙන් Pixel දුරකථන අලුත්වැඩියාව පහසු කිරීමට පියවර

Share
blank
Share

Google සහ iFixit විසින් Pixel දුරකථන අලුත්වැඩියාව වඩාත් පහසු කිරීම සඳහා කටයුතු කරන්න මේ වෙනකොට ගිවිසුමකට අත්සන් කරල තියනවා. ඒ අනුව මේ වසර අග භාගයේදී iFixit.com හරහා Google Pixel දුරකථනවල original කොටස් එක් එක් වශයෙන් සහ kits ආකාරයෙන් මිලදී ගැනීමට හැකියාව ලැබේවී. මේ සමාගම් දෙකම මේ සහයෝගීතාවය පිලිබඳව තමන්ගෙ blog අඩවි වලින් නිවේදනය කරල තිබුනා.

Google ආයතනය ප්‍රකාශ කරනව මේ විදිහට Pixel 2 සිට Pixel 6 Pro දුරකථන දක්වා සියලු මාදිලි වල කොටස් ලබාදෙන්න කටයුතු කරනව කියල, ඒ වගේම ඉදිරියේදි එන්න නියමිත Pixel දුරකථන වලත් කොටස් මෙලෙස මිලදී ගන්න හැකියාව ලැබේවී. මේ පහසුකම Pixel දුරකථන නිල වශයෙන් අලෙවි වන ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපා රටවල් වල ක්‍රියාත්මක වේවී.

iFixit කියන්නෙ ඉලෙක්ට්‍රොනික උපාංග අලුත්වැඩියාව සඳහා කොටස් අලෙවි කරන සහ අවශ්‍ය උපදෙස් නොමිලේ ලබාදෙන ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න වෙබ් අඩවියක්. ඉදිරියේදී ඒ මගින් Pixel දුරකථන සඳහා original screens, batteries, cameras සහ වෙනත් කොටස් පවා අලෙවි කිරීම ආරම්භ කරාවී. තමාගෙ කැඩුණු දුරකථනය තමන් විසින්ම අලුත්වැඩියා කිරීමට මැලිවෙන පිරිස් වලට වලට ඇමරිකාවේ සහ කැනඩාවේ ඇති බලයලත් uBreakiFix මධ්‍යස්ථාන වලින් ඒක කරගන්නත් හැකියාව ලැබේවී. මේ වගේ හවුල්කාරීත්වයක් ජපානයේ, එංගලන්තයේ සහ ජර්මනියේ දුරකථන අලුත්වැඩියා කරන සමහර මධ්‍යස්ථාන එක්කත් ඇති කරගන්න Google ආයතනය කටයුතු කරල තියනවා.

Samsung ආයතනයත් iFixit එක්ක එකතු වෙලා මේ වගේ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය කොටස් ලබාදෙනවා, නමුත් ඔවුන් එලෙස ලබාදෙන්නෙ S20, S21, සහ Tab S7+ යන devices වලට පමණයි. මෙලෙස කොටස් ලබාදීම ඉදිරියේදී තවත් models වලටත් පුළුල් කරන්න Samsung බලාපොරොත්තු වෙනව කියල සඳහන් වෙනවා. තමන්ගෙ උපාංග අලුත්වැඩියා කරල පාවිච්චි කරනවට එතරම් කැමති නැති Apple සමාගම පවා මේ වෙනකොට තමන්ගෙම සේවාවක් ආරම්භ කරල අලුත්වැඩියා කොටස් නිකුත් කරන්න කටයුතු කරගෙන යනව කියල වාර්තා පල වෙනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...