Home Tech News ආරක්ෂාව ගැන හිතන Google Chrome – 90 Update එක
Tech News

ආරක්ෂාව ගැන හිතන Google Chrome – 90 Update එක

Share
blank
Share

Google Chrome browser එක අපි කවුරුත් පාවිච්චි කරන browser එකක්. දැන් වෙනකන් අපි browser එකේ address bar එකේ address එකක් ටයිප් කරල enter කරාම user ඒ address එකට යන පල්වෙනි වතාවනම් Chrome browser එක default ඒ address එක “http://example.com” කියල තමා load කරන්නේ. ඒ කියන්නෙ ඉස්සර ඉඳන් භාවිතා උන HTTP කියන protocol එක භාවිතා කරල. දෙවෙනුව තමා වඩා ආරක්ශාකාරී HTTPS වලට සහය දක්වනවද පරීක්ශා කරල ඒ protocol එක භාවිතා කරන්න පටන් ගන්නේ. ඒත් අලුතින් හඳුන්වා දෙන්න යන Chrome 90 update එකත් එක්ක ඒක වෙනස් වෙන්නයි යන්නේ.

මේ විදිහට default http භාවිතා කිරීම කාලෙකට කලින් ප්‍රායෝගික තත්වයක් උනා, මොකද ඒ වෙද්දි අන්තර්ජාල තාක්ෂණය වැඩිය දියුණු නොවීමත් හුඟක් වෙබ් අඩවි HTTPS (Hypertext Transfer Protocol Secure) වලට සහය නොදැක්වීමත් යන කාරනා උඩ. ඒත් දැන් ඒක වෙනස් වෙලා අන්තර්ජාලය හුගක් දියුණු වෙලා වගේම හුගක් වෙබ් අඩවි තමන්ගෙ usersලට වැඩි ආරක්ශාවක් ලබා දෙන්න HTTPS වලට සහය දක්වන්න පටන් ඇරන් තියනවා. ඉතින් මේ තත්ව එක්ක Google Chrome 90 update එකෙන් පස්සෙ Chrome විශේෂයෙන් සඳහන් කරල තිබ්බෙ නැතිනම් default, HTTPS තාක්ශණය පාවිච්චි කරාවි. ඒ කියන්නෙ ඔයාල පලවෙනි පාරට example.com වලට යනවනම් Chrome ඒ Address එක ලෝඩ් කරන්නෙ “https://example.com” විදිහට.

මේ ක්‍රමය භාවිතා කිරීමෙන් usersලට හොඳ privacy එකක්, ආරක්ෂාවක් වගේම වැඩි දියුණු වුන වේගයක් බලාගන්නත් පුළුවන් වේවි කියලයි Google ආයතනය සඳහන් කරන්නේ. වෙබ් සයිට් එකට එන traffic එක encrypt කිරීම, userල තමන්ගෙ පෞද්ගලික දත්ත වෙබ් අඩවියකට ලබාදෙද්දි ඒ දත්ත encrypt කරල ආරක්ශා කිරීම වගේ ඉතා වැදගත් කාර්‍යයන් රැසක් මේ HTTPS කියන protocol එක සිද්ද කරනවා. කොහොම උනත් මොකක් හරි සයිට් එකක් මේ HTTPS තාක්ශණය භාවිතා නොකර පරණ HTTP තාක්ශණය භාවිතා කරල තියේනම් ඒ අවස්ථාවෙ ස්වයංක්‍රීයව HTTP වලට මාරු වෙලා සුපුරුදු පරිදි සයිට් එක ලෝඩ් කරන්න Google Chrome වලට හැකියාව ලැබෙනවා.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...