Home Games Fortnite වලට Metaverse එකක් නිර්මාණය වෙයි
GamesTech News

Fortnite වලට Metaverse එකක් නිර්මාණය වෙයි

Share
Share

2018 වසරේ නිකුත් වුන Ready player one ෆිල්ම් එක ඔබ නරඹා ඇති.එහි ඇති Oasis එක මතක ද?සැබෑ ලොකයේ කරන ඕනෑම දෙයක් කල හැකි virtual reality එකක්.එය ඉදිරියේදී Sci-Fi ෆිල්ම් එකකට සීමා නොවී සැබෑවක් වීමට යන බව කීවොත් ඔබ විශ්වාස කරනවද?

     පසුගිය දිනක Epic games හි නිර්මාතෘ මෙන්ම CEO වන Tim Sweeney විසින් Epic games හි දිර්ඝ කාලීන “Metaverse” ගොඩනැගීමේ vision එක සඳහා ඩොලර් බිලියනයක මුදලක් ලැබුණු බවට නිවේදනය කළේය.එමෙන්ම ඉන් මිලියන 200 ක මුදලක් Sony සමාගම විසින් ලබාදීමද විශේෂත්වයකි.එයත් සමඟම Epic games ඩොලර් බිලියන 28.7 ක වටිනාකමකින් යුත් සමාගමක් බවට පත්විය.“Metaverse” සංකල්පය සැබෑ වුවහොත් එය පරිගණක ක්‍රීඩාවල නව පරිච්ඡේදයක් වනු ඇති. GTA online, Minecraft වැනි games වලද විශාල shared online world පැවතියද ඒවා “Metaverse” සංකල්පය සමඟ බොහෝ දුරට නොගැලපේ. නමුත් Fortnite ගැන සලකා බලන විට එය තරමක් දුරට වෙනස් අත්දැකීමකි.

          2017 වසරේදී ක්‍රීඩකයන් හතර දෙනෙකුට කණ්ඩායම් සෑදී ක්‍රීඩා කල හැකි battle royal game එකක් ලෙස එළිදැක්වුනු එය මේ වන විට බොහෝදුර ගොස් ඇත.එය මේ වන විට Epic games හි ප්‍රධාන ආදායම බවට පත්ව ඇත.2020 වසරේ මැයි මාසය වන විට මිලියන 350 ක ක්‍රීඩක සංඛ්‍යාවකට Fortnite හිමිකම්කීය. එමෙන්ම ක්‍රීඩකයන්ට නවතම අත්දැකීම් ලබා දෙමින් season එකින් එකට ගලා යන ප්‍රධාන කතා මාලාවට අමතරව IP crossover (උදා:- Marvel, star wars) මෙන්ම live concert මඟින් ක්‍රීඩකයන් මෙතෙක් නොලැබුණු අත්දැකීම් ලබා දීමටද ඔවුන් සමත් වී ඇත.උදාහරණයක් ලෙස පසුගිය වසරේ පැවති Travis scott’s concert එක දැක්විය හැක.

                    කෙසේවුවද Fortnite ද තවමත් යම් නීති පද්ධතියකට යටත්ව ක්‍රීඩා කරන battle royal game එකකි.එයට “Metaverse” වෙත යාමට තව බොහෝ වැඩිදියුණු කිරීම් අවශ්‍යයය.නමුත් Tim sweeney ගේ දැක්ම අනුව එය සිදු කිරීමට බොහෝ කාලයක් ගත නොවනු ඇතැයි සිතිය හැක. කෙසේවුවද මේ වන විටද මිනිසුන් බොහෝ විට online ජිවිතයකට හුරු වී ඇති අතර “Metaverse” එකක් ඇති කිරීම මඟින් මිනිසුන් සම්පුර්ණයෙන්ම එහි ජිවිත් වීමට ඇබ්බැහිවීමක් ඇති වීමෙන් අහිතකර ප්‍රතිඵල ඇති විය හැකියැයි සමහරුන්ගේ මතයයි.

metaverse එකක් යනු Virtual ලෝකයක් තුල ඔබට අවශ්‍ය ලෙස ඕනෑම දෙයක් කල හැකි වීමයි. මෙය Gaming world එක තුල ව්‍යාපාර ආරම්භ කිරීම නොයෙක් සේවා ලබාදීම වැනි දේ විය හැකියි. දැනටමත් Roblox වැනි Games හරහා ඩොලර් මිලියන ගණනින් මුදල් මේ ආකාරයෙන් උපයාගන්නා අතර මෙහි දැනට නැත්තේ කොටස් වෙළදපොලක් පමණක් බවත් සදහන් වෙනව.

Share

1 Comment

Leave a Reply to nethum thejanaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...