Home Tech News Computers LG foldable laptop 2023 Concept
ComputersExplainedHardwareTech News

LG foldable laptop 2023 Concept

Share
blank
Share

LG සමාගම ඔවුන්ගේ පලමු foldable laptop පරිගණකය පසුගියදා එළිදැක්වූවා. මෙම පරිගණකය ASUS Zenbook 17 Fold සහ Lenovo ThinkPad X1 Fold පරිගණක වලට සමානයි. මෙහි සම්පූර්න display එකම බාවිතා කරන විට පරිශීලකයන්ට අගල් 17ක OLED screen එකක් සමග QXGA+ (2560 x 1920 pixel) resolution එකක් සහිත තිරයක් ලැබෙනව.

ඒවගේම මෙම උපාංගය stylus pens සදහාත් සහය දක්වන නිසා චිත්‍ර ඇදීම ඇතුලු විවිධ ව්‍යාපෘති සදහා බාවිතා කරන්න පුලුවන්. මෙය fold කර තිබෙන විට තිරය අගල් 12ක් වන අතර එහි පහල කොටස keyboard එකක් බවට පත්වෙනව. LG සමාගම පවසන ආකාරයට ඔවුන් මෙම පරීක්ශා කර ඇති අතර folds 30,000 සිදුකල පසුත් තිරයට හානියක් නොවන බව ඔවුන් අවධාරනය කර තිබෙනව.

සැම්සුන් සමාගම විසින් ඔවුන්ගේ foldable Galaxy දුරකථන වල hinges 200,000 වාරයක් පමණ පරීක්ෂා කර තිබෙනව. නමුත් බොහෝ අය දිනක් ඇතුළත ඔවුන්ගේ පරිගණක හෝ ටැබ්ලට් පරිගණකවලට වඩා බොහෝ දුරට තම දුරකථන බාවිතා කරන නිසා ලැප්ටොප් පරිගණකයක් සදහා folds 30,000 යනු ප්‍රමානවත් අගයක් ලෙස සලකන්න පුලුවන්.

මෙම පරිගණකය බලගැන්වෙන්නෙ 13th generation Intel Core i5 processor සමගින්. සමාගම පවසන ආකාරයට මෙයට යොදා ඇති රැම් කාඩ් LPDDR5 5,200 රැම් වලට වඩා 15 ගුණයක් වේගවත්. ඒවගේම මෙම පරිගණකයෙ තිබෙන්නෙ Windows 11 මෙහෙයුම් පද්ධතියයි. එයත් සමග Sync On Mobile පහසුකමත් එක්කර තිබෙනව. එමගින් පහසුවෙන් දුරකතය සමග දත්ත හුවමාරු කරගන්න පුලුවන්.

LG Gram Fold පරිගණකය නිකුත් කිරීමට සමාගම බලාපොරොත්තු වෙන්නෙ ඔක්තෝම්බර් මාසය තුලදීයි. ඒ දැනට කොරියාව තුල පමනක් බවයි ඔවුන් පවසා තිබෙන්නෙ. මෙහි මිල 4.99 million won එනම් $3,700 ක් ලෙස සදහන් වෙනව. මෙය නිකුත් වෙන දිනම මිලදී ගන්න පරිශීලකයන්ට mouse එකක් සහ stylus පෙන් එකක් නොමිලේ ලැබෙන බව සදහන් වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...