Home Tech News Events FIFA 2018 Championship තරගය සහ ජයග්‍රාහකයන්
EventsTech News

FIFA 2018 Championship තරගය සහ ජයග්‍රාහකයන්

Share
blank
Share

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ගැන මුලු ලෝකයේම අවධානය යොමු වෙනකොට පරිගණක ලෝකයෙත් අවධානය යොමු වෙලා තියෙන්නෙ FIFA 2018 Gaming Championship එකටයි.

02/07/2018 දින Redline technologies ආයතනය විසින් සංවිධානය කරල ASUS සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැත්වුන FIFA 2018 Championship තරග මාලාව සාර්ථකව නිමාවුනේ සිංගප්පූරුවෙ පැවැත්වෙන Asian Football Gaming Championship (AFGC) එකට පළමු වතාවට  ශ්‍රී ලංකාවේ eSports ක්‍රීඩකයෙක් සහභාගී කිරීමේ භාග්‍ය උදා කරමිනුයි.

Gaming ලෝකයේ ඉදිරියෙන්ම සිටින Asus සමාගම විසින් පූර්ණ අනුග්‍රහය සමග එක්ව ශ්‍රී ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ වෙනසක් සිදුකරන Redline technologies ආයතනය සංවිධානය කල මෙම FIFA 2018 Championship තරගාවලියට විනිශ්චය සහ තරග සංවිධාන පහසුකම් ලබාදුන්නෙ ශ්‍රී ලංකාවේ eSports සදහා පහසුකම් සපයන එකම නිලලත් සමූහය වන gamer.lk විසින්.

2018 ජූලි මස 2වෙන දින No.21, Joseph’s lane, Colombo 4 පවත්වාගෙන යන Redline technologies ආයතන පරිශ්‍ර‍යේදී පැවැත්වුන FIFA 2018 Championship සදහා සහභාගී වීමට ක්‍රීඩකයන් විශාල පිරිසක් පැමිණ සිටියා. උදෑසන සිට රාත්‍රී 10 වනතෙක් පැවැති උණුසුම් තරග මාලාවකින් පසුව ජයග්‍රාහකයන් 3දෙනෙක් තෝරාගැනීම අවසන් උනා.

පළමු ස්ථානය දිනාගත් Ahmed Shaakir ට සිංගප්පූරුවේදී පැවැත්වෙන Asian Football Gaming Championship එක සදහා සහභාගී වීමට ගුවන් ටිකට්පත් සහ දෙවන ස්ථානය දිනාගත් Moin Altaf සහ තුන්වන ස්ථානය දිනාගත් Afdhal Muvaffik ට Asus සමාගම විසින් ත්‍යාග සදහා අනුග්‍රහය සැපයීම සිදුකෙරුනා.

පරිගණක ක්‍රීඩා හරහා මෙවැනි අවස්ථා ලබාගන්න ඔයත් කැමතිනම් gamer.lk වෙබ් අඩවිය වගේම අපේ Facebook පිටුවට එකතු වෙලා මේ වගේ තරග ගැන මුලින්ම තොරතුරු දැනගන්න පුලුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...