Home Games EA සමාගම නිකුත් කරන Lord of the Rings: Heroes of Middle-earth ක්‍රීඩාව
GamesTech News

EA සමාගම නිකුත් කරන Lord of the Rings: Heroes of Middle-earth ක්‍රීඩාව

Share
blank
Share

අපි කවුරුත් ආසාවෙන් බලපු ලොව ඉතාමත් ජනප්‍රිය වුනු චිත්‍රපටි ත්‍රිත්වයක් තමයි Lord of the Rings කියන්නෙ. ඔන්න දැන් පරිගණක සහ මොබයිල් ක්‍රීඩා සදහා ප්‍රසිද්ධ EA සමාගම විසින් Lord of the Rings: Heroes of Middle-earth නමින් free-to-play ක්‍රීඩාවක් දුරකතන සදහා නිකුත් කරන්න සූදානම් වෙනව. ඔවුන් නිවේදනය කර තිබෙන්නෙ මෙම ක්‍රීඩාව මැයි 10 වනදින නිකුත් කරන බවයි.

මොවුන් මීට පෙරත් The Lord of the Rings: Conquest නමින් පරිගණක ක්‍රීඩාවක් 2009දි එළිදැක්වූවා. ඒවගේම මෙම LOTR මොබයිල් ක්‍රීඩාව නිකුත් කිරීමෙන් පසුව පරිගණක සදහා Lord of the Rings: Gollum නිකුත් කරන්න EA සමාගම සූදානම් වී සිටිනව.

මෙම ක්‍රීඩාවේ trailer එක නිකුත් වී තිබෙනව. එහි දැක්වෙන විදියට මෙහි wanderers, warriors, wizards සහ වෙනත් පැරණි චරිත සියල්ලක්ම අඩංගු කර තිබෙනව. මෙහි PVP සහ තවත් ක්‍රීඩා විධි කිහිපයක්ම තිබෙනව.

Heroes of Middle-earth ක්‍රීඩාවට චරිත The Lord of the Rings සහ The Hobbit චිත්‍රපටි දෙකෙන්ම එක්කර තිබෙනව. EA සමාගම පවසා තිබුනෙ මෙහි ක්‍රීඩකයන්ට චිත්‍රපටියෙ ඇති ආකාරයට Middle-earthහි ඇති නපුරට විරුද්ධව සටන් කරන්න තිබෙන බවයි.

මෙම ක්‍රීඩාව free-to-play වුනත් ක්‍රීඩාව තුල අනෙක් ක්‍රීඩාවල මෙන්ම microtransactions ඇතුලත් වී තිබෙනව.

මෙය iOS සහ Android සදහා මැයි 10 නිකුත් වෙන අතර මෙහි pre-registration සදහා දැන් අවස්තාව දී තිබෙනව. ඒවගේම Lord of the Rings: Gollum පරිගණක සදහා මැයි 25 වනදින නිකුත් වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...