2020ට Video Editing, After Effects, Lumion වගේ software හරහා content creation කරන්න ගැලපෙන PC එකක් හදමු.
මේ PC එක හැදුවෙ professional වැඩවලට. ඒ නිසා RGB කියන දේවල් ගැන අවධානයක් යොමු කරල නැහැ. නමුත් තෝරගත්ත Motherboard එක සහ RAM වලදි මිළ ගණන් එක්ක ලැබෙන පහසුකමක් විදිහට RGB ලැබිල තියෙනව.
Component | Price |
---|---|
RYZEN 5 3600 | 39,000 |
MSI X470 Gaming Plus | 27000 |
Corsair 16GB RGB Kit | 23,500 |
Gigabyte RTX 2060 Super | 89,500 |
Corsair TX 650M | 16,500 |
Corsair H60 | 13,000 |
Lexar 250GB NVMe | 9,500 |
Seagate 2TB | 12,500 |
CoolerMaster K500L | 11,500 |
Asus VZ249H | 26,500 |
Total | 268,500 |
CPU – AMD RYZEN 5 3600
මෙතනදි අපට 6 core 12 thread CPU configuration එකක් ලැබෙනව. මේ CPU එක සහ 3600X CPU එකේ වෙනස වෙන්නෙ 3600X CPU එක base සහ Boost Clock වලින් පොඩ්ඩක් වැඩි වෙන එකයි TDP එක වැඩි නිසා Overclock කිරීමේ හැකියාවේ වැඩි කමයි.
Liquid Cooler
මේ build එක එකදිගටම Heavy workloads කරන නිසා වගේම සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ පාවිච්චි කරන නිසා මෙතනදි Corsair H60 Liquid Cooler එකක් යොදාගත්ත. RGB නැති නිසා මිළත් අඩුයි. ඒ වගේම OC කරන්නෙ නැති නිසා 120mm Radiator එක CPU එක Cool කරන්න ප්‍රමාණවත්.
Motherboard – X470 Chipset
Motherboard එක තෝරගද්දි B450 එකට නොයා X470 එකකට ගිය ප්‍රධාන හේතුව X470 Motherboard වල තියෙන power delivery එක සාමාන්‍ය Motherboard වලට වඩා හොද වීම. මේ නිසා CPu එකට Smooth Power delivery එකක් ලැබෙන නිසා වැඩි කාලයක් Turbo Clock වල වැඩ කරන්න හැකියාව ලැබෙනව.
RAM – Corsair 3200 RAM Kit
මෙතනදි AMD RYZEN වලට 3200MHz RAM Speed එකකට යන්න පුළුවන් නිසා Corsair 3200Mhz RAM kit එක තෝරගත්ත. මෙතනදි RGB පහසුකම ලැබුනෙ option එකක් විදිහට. සාමානයෙන් 16GB වගේ යනවනම් එක පාර RAm Kit එකක් ගන්න බලන්න. නැත්නම් එකම Stock එකෙන් 8GB 2ක් ගන්න.
Boot Drive
Lexar 250GB NVMe Drive එකක් boot Drive එක විදිහට OS එක සහ Software install කරගන්න වගේම Cache එක විදිහට පාවිච්චි කරන්න යොදාගත්ත.
Main data Drive
2TB Hard Disk Drive එකක් මෙතනදි පාවිච්චි කරනව. 1TB Drive එකක් 7200RPM තිබුනට 2TB Drive එන්නෙ 5200RM වලින්. මේක විශාල ගැටළුවක් නෙමෙයි HDD cache එක තියෙන නිසා සහ Boot Drive එක NVMe එකකින් වැඩ කරන නිසා.
Graphic Card
GPU එක විදිහට තෝරගෙන තියෙන්නෙ RTX 2060 SUPEr 8GB Card එකක්. මේක CUDA Cores වලට හදල තියෙන Adobe සහ අනෙකුත් Software වලට වැදගත් වෙනව. ඒ වගේම After effects සහ Lumion, 3D MAX වගේ Software වලට හොද Performance Boost එකක් දෙනව.
Power Supply – 80 PLUS Gold 650M
මෙතනදි PSU එක Gold Rating එකක් තියෙන Semi Modular එකක්. මේ නිසා හොද කාර්යක්ෂමතාවයක් ලැබෙන නිසා දිගු කාලීනව PSU එක හරහා විදුලිය පිරිමැස්මක් සිදු වෙනව. Semi Modular නිසා අවශ්‍ය වෙන Cable ටික විතරක් සම්බන්ධ කරගෙන Cable Management පහසුවෙන් කරගන්න පුළුවන් වෙනව.
Casing – Cooler Master K500L
ගෙවන ගානට සෑහෙන වටින Casing එකක්. තියෙන්නෙ රතු පාට Fan 2ක් සහ normal Fan 1ක්. හොද Build Quality එකක් සහ ඉඩ තියෙන නිසා මේක තෝරගත්ත.
Monitor – Asus VZ 249H
මේක Low Blue Light Filter එකක් තියෙන 60Hz IPS Panel එකක්. Designing වැඩවලට යොදාගන්න පුළුවන් Slim Monitor එකක්.
මේ දේවල් යොදාගැනීම තුලින් අපි balance Build එකක් කරල තියෙනව. ඒක බලාගන්න පුළුවන් පහත user bench Link එකට ගිහින් බලන්න.
Comments (10)
sanooj kasunsays:
February 23, 2020 at 4:20 pmay x470 gaming plus ekakata giye, MSI B450 GAMING PRO CARBON AC (WIFI) ekata yanne nathuwa ita wada specs tyena?
Pcguidesays:
February 24, 2020 at 7:32 pmX470 කියන්නෙ B450 Chipset එකට වඩා හොද එකක්. මෙතනදි Power Design එක වැදගත් වෙනව. ඒක නිසයි තෝරගත්තෙ
chanuka silvasays:
March 9, 2020 at 8:01 pmmage pc eka (intel core i5-4590 3.30GHz/ 8GB ram / Geforce GTX 960)
mama godak welawata lumion software eka wada karanawa,godak wela wada karaddi computer ek restart wenawa.eka laga nithara nithara restart wenawa, paya 6k wage off karala thiyala on karala wada karaddi gataluwak na. mekata hethuwa kiyanna puluwanda.
Kusalsays:
April 30, 2020 at 6:25 pmඅයියේ මට 150000 වගේ budget එකකට රෙන්ඩරින් දාගන්න උපරිම පුලුවන් මැශින් එකක් බිල්ඩ් කරන්න හෝ සිලෙක්ට කරන්න පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නකෝ
Heshansays:
May 18, 2020 at 7:20 pmඅයියේ ryzen 3 2200G Cpuඑකක gaming වලට හොදය් ද?
සදුනිsays:
July 7, 2020 at 1:25 pmපාවිච්චි කරපු පාටිෂන් වලින් හැදුවොත් අවුලක් වෙනවද
සදුන්says:
July 7, 2020 at 1:26 pmපාවිච්චි කරපු පාටිෂන් වලින් හැදුවොත් අවුලක් වෙනවද
JOnathansays:
August 27, 2021 at 10:35 amOU pupurnwa
Banulasays:
January 19, 2021 at 9:16 amAyya Rs.200000 wage hoda gaming pc ekak ganna oooni.eekata hoda daanna ooni tikak kiyanna puluwanda.
lasithsays:
August 26, 2021 at 6:58 pmskechup walata hoda pc parts monawada.