දැන් කක්ෂගත කොට තිබෙන චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථාන වෙත හැකර් ප්‍රහාර එල්ල කොට එම චන්ද්‍රිකා වල පාලනය තමන් සතු කර ගත හැකි ඉතා දියුණු තාක්ෂණික දැනුම චීනය සතු බව එළිවී තිබෙනවා. ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පිහිටි සෙන්ටර් ෆෝ ස්ට්‍රැටජික් ඇන්ඩ් ඉන්ටර්නැෂනල් ස්ටඩීස් ආයතනය විසින්, පසුගිය 2023 අප්‍රේල් මස 14 වැනිදා පළ කළ වාර්තාවකින්, මේ බව පෙන්වාදී තිබෙනවා.
ඉන් විස්තර කර තිබෙන්නේ, තායිවානයට එරෙහි යුධමය ක්‍රියාවලියකදී සන්නිවේදන චන්ද්‍රිකා සහ ඔත්තු බැලීමේ චන්ද්‍රිකා අඩපණ කිරීමේ සැලසුමක් චීනයට ඇති බවයි. එසේම බැලස්ටික් මිසයිල පාලනය කිරීම පිණිස යොදා ගන්නා වෙනත් ජාතීන්ට අයත් චන්ද්‍රිකාද සිය පාලනයට නතු කර ගත හැකි තාක්ෂණය චීනය සතු බවයි. එය හරියට, යුක්‍රේනයට එරෙහි යුද ක්‍රියාවලියේ අංගයක් වශයෙන්, 2022 වසරේදී රුසියාව විසින් ඇමෙරිකාවේ වියසැට් සමාගමේ චන්ද්‍රිකා අක්‍රිය කරන ලැබීම මෙනි.
රුසියානු හමුදා යුක්‍රේනයට කඩා වැදීමට පැයකට කලින් රුසියානු රජයේ හැකර්කරුවන් විසින් මෙසේ චන්ද්‍රිකා අඩපණ කිරීම නිසා, යුක්‍රේන හමුදාවේ සන්නිවේදන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ උනා. රුසියානු හමුදාව පහසුවෙන් යුක්‍රේනයට ඇතුළුවිය හැකි වූයේ එනිසයි.
මේ අයුරින්ම, චන්ද්‍රිකා වෙත හැකර් ප්‍රහාර එල්ල කළ හැකි ආකාර පිළිබඳව චීන හැකර්කරුවන් විසින් අධ්‍යයනය කරමින් සිටිනු ලබන බව මුල් වරට විස්තරාත්මකව එළි කළේ, සිමැන් ටෙක් පරිගණක ආරක්ෂණ සමාගම විසින් වසර 2018දී පළ කළ වාර්තාවකින්. ඉන් පෙන්වා දී තිබුණේ, හැකර්කරුවන් පිරිසක්, චීනයේ තිබෙන පරිගණක තුනක් ඔස්සේ ඇමෙරිකානු චන්ද්‍රිකා පාලන පරිගණක වෙත සම්බන්ධවූ බවයි.
එම පරිගණක වෙතින් අවශ්‍ය තොරතුරු ලබා ගත් මෙම හැකර්කරුවන්ට, ඊට එපිටට ගොස් එම අවස්ථාවේදීම චන්ද්‍රිකා පාලනය තම සතු කර ගැනීමේ හැකියාවත් තිබුනා. එහෙත් එසේ කර නැහැ. තම ව්‍යාපෘතියේ හැකියාව පමණක් උරගා බලා තිබෙනවා. එහි තේරුම, මෙම ප්‍රහාරය එල්ල එල්ල කොට තිබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ කප්පම් ලබා ගැනීමට වැඩ කරන හැකර් කණ්ඩායමක් නොව අන්තර්ජාලය ඔස්සේ ඔත්තු බලන යම් ව්‍යාපාරයක නිරත වූවන්ය.
මීට කලින්, වසර 2011 දී ඇමෙරිකානු රජය විසින් පත් කරනු ලැබූ කොමිසමක් මගින් අනාවරණය කර ගෙන තිබුණේ, අඩුම තරමින් ඇමෙරිකානු චන්ද්‍රිකා දෙකකවත් පාලන පද්ධති වෙතට, චීන ආරක්ෂක අංශවල හැකර්කරුවන් ප්‍රවේශ වී ඇති බවයි. එසේම වසර 2014 දී ඇමෙරිකාවේ කාලගුණ නිරීක්ෂණ ඒජන්සියේ චන්ද්‍රිකා පාලන පද්ධතිය වෙතටද චීන රජයේ හැකර්කරුවන් ඇතුළුවී ඇති බව අනාවරණය උනා.
පසුගිය 2023 අප්‍රේල් මස 21 වැනිදා ඇමෙරිකාවේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත විසින් විශේෂ වාර්තාවක් පළ කර තිබුනා. අත්වැරදීමකින් ප්‍රසිද්ධවූ ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ ලේඛන එයට පදනම්වී තිබුනා. ඒවා විශ්ලේෂණයෙන් පෙනී ගියේ, තම සතුරු රාජ්‍යයන්ට අයත් චන්ද්‍රිකාවල ග්‍රහණය තම සතු කර ගත හැකි හැකිං උපා සමූහයක් හෙවත් සයිබර් අවියක් චීනය විසින් නිර්මාණය කර තිබෙන බවයි.














Leave a comment