Home Tech News Internet Bing web search කිරීම් නවතා දමන Brave
InternetsoftwareTech News

Bing web search කිරීම් නවතා දමන Brave

Share
Share

තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ශා කරගෙන අන්තර්ජාලයේ සෙවුම් කිරීමට අවශ්‍ය නම් දැනට තිබෙන හොදම වෙබ් බ්‍රව්සර් එකක් වන්නෙ Brave බ්‍රව්සර් එකයි. Brave ඉතාම කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වුනෙ එහි තිබෙන privacy සැකසුම් නිසා.

ඉතින් මේ Brave බ්‍රව්සර් එකෙන් යම් සෙවුමක් කලවිට මේ වෙනකන් ඔවුන් බාවිතා කලේ Bing search එන්ජිමෙන් ලබාදෙන ප්‍රතිපලයි. පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් Brave සමාගම පවසා තිබුනේ මින් ඉදිරියට ඔවුන්ගේ බ්‍රව්සර් එකෙන් කරන සෙවුම් වල මූලාශ්‍රය ලෙස Bing search බාවිතා නොකරන බවයි.

මින් ඉදිරියට Brave මගින් සෙවුමක් කලවිට එහි පෙන්වන ප්‍රතිපල ඔවුන්ගේම සෙවුම් ‍යන්ත්‍රයකින් පෙන්වන බව එම සමාගම පවසා තිබුනා. Microsoft සමාගම පසුගිය මාස කිහිපයෙදි ඔවුන්ගේ Bing search එන්ජිමෙ API බාවිතා කරන තුන්වැනි පාර්ශව සදහා මිල ඉහල දැමීමක් සිදුකරා. මෙම මිල වැඩි කිරීම නිසයි Brave සමාගම Bing බාවිතා කිරීම නවතා දමා තිබෙන්නෙ.

කෙසේනමුත් Braveහි කරන සෙවුම් වලින් Bing search එන්ජිමෙ සෙවුම් මූලාශ්‍ර ලබාගන්නෙ 13% පමන ප්‍රමානයක් පමනයි.

මෑත දිනකදී Brave Search යනු ලොව වේගයෙන්ම ජනප්‍රිය වෙන සර්ච් එන්ජින් වලින් එකක් බව ප්‍රසිද්ධ වී තිබෙනව. මෙහි දිනකට සෙවුම් මිලියන 22 පමන සිදුකරන බව පැවසෙනව. Brave සමාගමේ බලාපොරොත්තුව වන්නෙ ඔවුන්ගේම AI search එන්ජිමක් නිර්මානය කිරීම සහ ඔවුන්ගේම Search API එකක් නිර්මානය කිරීමයි. ඉදිරි වසර කිහිපය තුලදී මේවා නිර්මානය වී එළිදැක්වෙනු ඇත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

  • මාත් පාවිච්චි කරන්න් brave browser එක.ඒක මරු. ඇඩ් මොකුත්ම බලන්නෙ නැතුව ඕන වෙබ් සයිට් එකකට යන්න පුලුවන්. මං youtube යන්නෙත් මේකෙන් එතකොට මටඇඩ් බලන්නෙ නැතුව videos බලන්න පුලුවන්

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...