Home Tech News social media Twitter වෙනුවට option එක Bluesky
social mediaTech News

Twitter වෙනුවට option එක Bluesky

Share
blank
Share

ට්විටර් මයික්‍රොබ්ලොගිං සේවයේ අයිතිය මෙන්ම ප්‍රතිපත්තිද වෙනස්වී එය එක්ස් මයික්‍රොබ්ලොගිං සේවය වශයෙන් හඳුන්වන්නට පටන්ගත් නිසා කලින් සිටි ට්විටර් පරිශීලකයින් මිලියන 225ක් ට්විටර් සේවය හැර ගියා. එය ප්‍රතිශතයක් ලෙස 11.6 ක්. මෙම සෙනග මෙන්ම වෙනත් අයටත් දැන් ට්විටර් වැනිම අලුත් මයික්‍රෝ බ්ලොගිං සේවයක් තිබෙනව. ට්විටර් සේවයේ නිර්මාතෘ ජැක් ඩෝසි සමඟ තවත් සෙනඟ විසින් අරඹන ලද මෙය, බ්ලූස්කයි නම් වෙනව.

පසුගිය 2024 ජනවාරි වෙන විට මෙම බ්ලූස්කයි සේවයේ සක්‍රිය සාමාජිකයින් ගණන මිලියන 30ක් වුනා. දිනපතාම පන් ලක්ෂයක් පමණ දෙනා ඊට අලුතින් එක් වෙමින් සිටිනව. ඔවුන් එකිනෙකා අතර හුවමාරු කර ගන්නා පණිවුඩ ස්කීට්ස් (skeets) ලෙස හඳුන්වනව. එනම් ට්විටර් සේවයේදී හුවමාරු කර ගන්නා පණිවුඩ ට්වීට්ස් (tweets) ලෙස හැඳින්වූවාක් මෙන්.

බ්ලූස්කයි සේවය, කලින් තිබූ ට්විටර් සේවයෙන් වෙනස් වෙන්නේ, එහි භාවිතා කරන තාක්ෂණික ප්‍රතිපත්ති හෙවත් ප්‍රොටොකෝල වෙනස්වීම මතයි. සෑම සෝෂල් නෙට්වකිං සේවයක්ම භාවිතා කරන මෙම ප්‍රොටොකෝල, ඇප්ලිකේෂන් ලෙස හඳුන්වනව. එනම් ට්විටර්හි සෝෂල් නෙට්වර්කිං ඇප්ලිකේක්ෂන් එකට වඩා බ්ලූස්කයිහි ඇප්ලිකේෂන් එක වෙනස්ය. එය හඳුන්වන්නේ මධ්‍යගත නොවූ හෙවත් ඩිසෙන්ට්‍රලයිස්ඩ් සෝෂල් නෙට්වර්ක් ප්‍රොටොකෝල් (decentralized social network protocol) වශයෙන්.

මෙවැනි මධ්‍යගත නොවූ සමාජ ජාල ක්‍රියාත්මක වෙන්නේ යම් සමාගමක නීති රීතිවලට යටත්වූ සර්වර් පරිගණක පද්ධති මඟින් නොවෙයි. ස්වාධීනව හසුරුවන සර්වර් පද්ධති මඟින්. එවිට මෙම සමාජ ජාල භාවිතා කරන්නන්ට තමා හුවමාරු කරන තොරතුරුවල පාලනය තමන් යටතේම පවත්වා ගන්න පුලුවන්. හුවමාරු කළ හැකි දත්ත මොනවාද, එහි විශාලත්වය කෙතෙක්ද, ඒවා හුවමාරු කරන්නේ වෙනත් කවර සේවා ආයතන සමඟද යනාදී දෙයට බාධා පැමිණෙන්නේ නැහැ. අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නේ මෙම ක්‍රමයටය. එනම් එහි සර්වර් මධ්‍යගත නැත. අන්තර්- ජාලය ඔස්සේ අප හුවමාරු කරන සම්පත් තනි අධිකාරියක පාලනයකට යටත් නොවී තිබෙන්නේ එනිසායි.

කලින් තිබූ ට්විටර් සේවය සැලකුවහොත්, එහි පණිවුඩ හුවමාරු කර ගත හැක්කේ තවත් ට්විටර් එකවුන්ට් එකක් සමඟ පමණයි. එම ට්වීට් වුවත් අකුරු 280කට සීමා කළ යුතු වුනා. ඒ සියල්ල නොමිලේම දුන් දේ වුවත් ට්විටර් සේවයේ අනුප්‍රාප්තික එක්ස් සේවයේදී නොමිලේ දෙන දේට වඩා දේ මිලට දෙයි. තවත් බොහෝ අංග වෙත සීමා පනවා තිබෙනව. ඒ, මෙහි ප්‍රොටොකෝලය මධ්‍යගත හෙවත් ‘සෙන්ට්‍රලයිස්ඩ්’ බැවිනි. එනම්, මධ්‍යගත නොවූ හෙවත් ඩිසෙන්ට්‍රලයිස්ඩ්’ වූ විට මෙවැනි කිසි බාධාවක් නැහැ. බ්ලූස්කයි සේවය එවැන්නක්. එය ඕපන්සෝස් වැඩසටහන් මඟින් සිය සේවා පවත්වා ගෙන යනව. එසේ සකසා ඇති බ්ලූස්කයිහි ඩිසෙන්ට්‍රලයිස්ඩ් සෝෂල් නෙට්වර්ක් ප්‍රොටොකෝලය හඳුන්වන්නේ, ඒටී ප්‍රොටොකෝල් විදියටයි.

බ්ලූස්කයි සේවයේ මූලාකෘතිය ක්‍රියාත්මක කළේ, 2019 වර්ෂයේ, ට්විටර් සේවයේම කොටසක් ලෙසයි. එහෙත් ඉන්පසුව 2021 ඔක්තෝබර් 04 වැනිදා, වෙනමම සේවයක් ලෙස බ්ලූස්කයි දියත් කරා. එකල එයට පරිශීලකයින් සම්බන්ධ කර ගනු ලැබූයේ පොරොත්තු ලැයිස්තුවක් පවත්වා ගෙන යමින්. එම කටයුතුවලින් පසුව, 2023 දෙසැම්බර් මාසයේදී එය සම්පූර්ණයෙන්ම මහජනයාට විවෘත කළේ, බ්ලූස්කයි සෝෂල් ලෙස නම් කරමින්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...