Home Tech News Phones BlackBerry දුරකථන මළගමට අවසන් ඇණය ගසයි
PhonesTech News

BlackBerry දුරකථන මළගමට අවසන් ඇණය ගසයි

Share
blank
Share

BlackBerry විසින් ඔවුන්ගෙ සියලුම දුරකථන සඳහා ඉදිරියට සහය දැක්වීම නවත්වන්න තීරණය කරල තියනවා. මීට කලිනුත් විවිධ සමාගම් තමන්ගෙ දුරකථන වලට සහය දැක්වීම නවත්වන්න තීරණය කරල තියනව වගේම BlackBerry කියන්නෙත් ඒ විදිහට කරන අවසාන සමාගම නොවේවි. නමුත් කාලෙකට කලින් legendary smartphones නිශ්පාදනය කරපු BlackBerry දුරකථන සමාගම මෙලෙස තමන්ගේ ක්‍රියාන්විතයන් සම්පූර්ණයෙන්ම නතර කිරීම කණගාටුවට කරුණක්.

ජනවාරි 4න් පස්සෙ BlackBerry 7.1 සහ ඊට කලින් versions, BlackBerry 10 වගේම tablet OS එක වෙන BlackBerry PlayBook වගේ ඔවුන්ගේම software මත ක්‍රියාත්මක වෙන දුරකථන සහ tablets නිසි පරිදි ක්‍රියාත්මක වීම නවතිනව කියල සමාගම නිවේදනයකින් දැනුම් දීලා තියනවා. දුරකථන ඇමතුම් ලබා ගැනීම, SMS පණිවිඩ යැවීම, data සේවා පාවිච්චි කිරීම වගේ WiFi හෝ cellular සේවාවන් කිසිවක් නිසි පරිදි ක්‍රියාත්මක වෙයි කියල තමන් වග නොකියන බවට BlackBerry සමාගම විසින් ප්‍රකාශ කරල තියනවා.

ඉතින් ඔබ හෝ ඔබ අඳුරන කවුරුහරි තවමත් original BlackBerry මෙහෙයුම් පද්ධතියකින් බල ගැන්වෙන දුරකථනයක් පාවිච්චි කරනවනම් අලුත් අවුරුද්දෙ අලුත් දුරකථනයක් මිලදී ගන්න කාලය තමයි මේ. කොහොම උනත් Android මෙහෙයුම් පද්ධතිය ඇති BlackBerry දුරකථන තවදුරටත් ප්‍රශ්නයක් නැතුව ක්‍රියාත්මක වෙනවා.

BlackBerry දුරකථන වල physical QWERTY keyboard එක සහ ආරක්ෂාවට ලැබුන කීර්තිය නිසා 2000 ගණන් වල එක්සත් ජනපදයේ 50% ක් වගේ විශාල වෙලඳපොල කොටසක් ඔවුන්ට ලබාගන්න පුලුවන් වුනා. නමුත් ඒ අගය දිගටම පවත්වාගන්න BlackBerry දුරකථන වලට කිසිසේත්ම හැකිවුනේ නෑ. මේ හේතු නිසා BlackBerry මව් සමාගම වන BlackBerry Limited විසින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු cybersecurity software අලෙවිය සඳහා යොමු කරල තියනවා.

BlackBerry විසින් 2013 දි අසාර්ථක උත්සහයක යෙදුන BlackBerry 10 කියන අලුත් මෙහෙයුම් පද්ධතියත් එක්ක තමන්ගෙ ව්‍යාපාර කටයුතු නැවත පටන් ගන්න, ඒ වගේම 2015 දි Android මෙහෙයුම් පද්ධතියත් එක්ක නිකුත් කරපු BlackBerry දුරකථන පෙලත් එතරම් සාර්ථක වුනේ නෑ. 2016 දි BlackBerry සන්නාමය යටතේ දුරකථන නිශ්පාදනය කිරීම TCL වගේ තෙවන පාර්ශවික නිශ්පාදකයන්ට ලබා දුන්නා. මේ විදිහට තමයි මේ අවුරුදු කිහිපයේ අමාරුවෙන් වුනත් BlackBerry දුරකථන වලට ඉතා තරඟකාරී ස්මාර්ට් දුරකථන වෙලඳපොලේ රැඳිල ඉන්න හැකිවුනේ.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....