Home Tech News දින ගණන් ස්වයංක්‍රීයව coding වැඩ කරන්න Opus 4
Tech News

දින ගණන් ස්වයංක්‍රීයව coding වැඩ කරන්න Opus 4

Share
blank
Share

Anthropic සමාගම Claude Opus 4 කියන නවතම AI මොඩ්ල් එක හඳුන්වා දීලා තියෙනවා. ඒක සාමාන්‍ය AI බොට් එකක් නෙවෙයි. මේක දිනපතා මිනිස්සු කරන වැඩ, එහෙමත් නැත්තං වැඩ දිනයක් පුරා පැය 6-8ක් වගේ කාලයක් ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක විය හැකි තරම් ශක්තිමත් AI එකක්.

පසුගිය පරීක්ෂණ වලදි මේ AI මොඩ්ල් එකෙන් Rakuten කියන සමාගමකට උදව් කරපු විදිය තමයි හොඳ උදාහරණයක් විදියට දක්වන්න පුලුවන්. Open source ව්‍යාපෘතියක් refactor කරන එක පැය 7ක් පුරාම මේ මොඩ්ල් එකෙන් කරලා තියෙනවා මිනිස් මැදිහත්වීමක් නැතුවම.

මේ Claude Opus 4 එක GPT-4 ට වඩාත් ඉහළ performance එකක් තිබෙනවා. SWE-bench කියන coding benchmark එකේ 72.5% ලකුණු ලබාගන්න Opus 4 සමත් වෙලා තියනවා. ඒත් GPT-4.1 සදහා ඇත්තෙ 54.6% පමනයි.

පැය ගානක් වැඩ කරද්දී step-by-step හිතලා, out-of-the-box හැකියාවෙන් ඇතුව මිනිසුන් වගේ plan එකක් හදාගෙන වැඩ කරන්න Opus 4 හට පුලුවන්. Claude Opus 4 දැන් Anthropic API එකෙන්, Google Vertex AI හරහා සහ Amazon Bedrock හරහා භාවිතා කරන්න පුලුවන්. මිල ගණන් සාමාන්‍යයි. ඒ million input token එකට $15 වගේම, output tokens එකට $75 වැයවෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...