Home Tech News Explained Bing home page එකට ඡායාරූප එක්කරන්නෙ මෙහෙමයි
ExplainedsoftwareTech News

Bing home page එකට ඡායාරූප එක්කරන්නෙ මෙහෙමයි

Share
blank
Share

මේ දිනවල වැඩියෙන් කතාබහට ලක් වෙන නමක් තමයි Bing කියන්නෙ. ChatGPT එක් කිරීමත් එක්ක Bing Search Engine එක වේගයෙන් ජනප්‍රිය වෙන්න පටන් ගත්ත. ඉතින් ඔබත් Bing බාවිතා කරල තියනව නන් දැක ඇති එහි දිනපතා වෙනස් වෙන photo එකක් home page එකට එක්කර තිබෙනව. සාමාන්‍යයෙන් වෙනත් Search Engine ගත්තම තියෙන්නෙ search box, Voice search input method සහ, search engine logo එක පමණයි.

මෙම සාම්ප්‍රදායික search engine home page එක වෙනුවට මේ ආකාරයට ඡායාරූපයක් එක්කර Bing සර්ච් එන්ජින් එක සදහා සිත්ගන්නාසුලු පෙනුමක් ලබාදී තිබෙනව. මෙහි එක්කරන ඡායාරූප වල විස්තර මෙන්ම එය ලබාගෙන තිබෙන ස්තානය පවා මෙහි දැකගන්න පුලුවන්. මෙලෙස home page එකට photo එක්කිරීමෙ අදහස මුලින්ම ඉදිරිපත් කර තිබෙන්නෙ Bing හි කළමනාකාරිනිය විසිනුයි.

blank
Who uses Bing

මෙයට ඡායාරූප එක්කිරීමට යොදාතිබෙන කන්ඩායම ඡායාරූප ශිල්පීන්, ජනමාද්‍යවේදීන් සහ තාක්ශනවේදීන්ගෙන් සමන්විත වෙනව. ඔවුන් ලොවපුරා රටවල් වලින් තෝරාගත් ඡායාරූප අතරින් එකක් තෝරාගෙන එය යොදනු ලබනව. මෙම ඡායාරූප ලබාගන්නේ කෝබිස් ඡායාරූප සේවයෙන් සහ තවත් එවැනි ඒජන්සි 13 මගිනුයි.

මෙයට තෝරාගන්න ඡායාරූප වල වෙනස්කම් කිසිවක් කර නවීකරනය කරන්නෙ නැත. ඒවා තිබෙන ආකාරයටම වර්ණ පමනක් වෙනස් කර එයට කැප්ශන් එකක් යොදා සිතියම් දත්තද සමග Bing වෙත එක්කරනු ලබනව.

මෙලෙස එක්කරන ඡායාරූප අතරින් පරිශීලකයන්ගෙ වැඩි අවධානයක් ලක් වී තිබෙන ඡායාරූප මොනවාද කියා නිරීක්ශනය කර තිබෙනව. උත්සව අවස්තා වැනි යම් සිද්ධියක් සම්බන්ද ඡායාරූප වලට සහ වන ජීවීන්ගෙ ඡායාරූප එක්කර තිබෙන දිනවල Bing සර්ච් එන්ජිමෙ වෙබ් තදබදය වැඩි වී තිබෙන බව Microsoft සමාගම පවසා තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...