Graphic Designing, Gaming, Video Editing වගේම Online සහ office වැඩ හැම එකකටම ගැලපෙන Asus VZ229H monitor එක ගැන තමයි මේ review එක. ඉතින් මේ review එක ඔයාලට අරන් එන්න අපට උදව් කගේ Asus Sri lanka එක.
Asus VZ series එකේ එන 22″ monitor එකක් තමයි VZ229H කියන්නෙ. මේක දැනට රු 22,900කට (2018-5 මාසය වනවිට) ලංකාවෙ හැම Computer Shop එකකින්ම ගන්න පුලුවන්. මේ monitor එකේ අලුත්ම මිළගණන් දැනගන්න මේ link එකට යන්න
Package එකේ එන දේවල්

- Asus VZ229H IPS LED backlit Monitor
- Base Unit
- D-Sub cable
- 2X power cables
- Power adapter
- 3.5mm Audio Jack
*Monitor package එකේ HDMI cable එකක් අන්තර්ගත නොවේ
Features
Asus EYE CARE

අපි පාවිච්චි කරන display unit වල තියෙන RGB කියන වර්න වලින් Blue (නිල්) වර්ණයට දිගු කාලීනව නිරාවරණය වීම නිසා මොළය වෙහෙසට පත්වීම සහ ආතතිය වගේ අවධානම් තත්ව පවා ඇතිවෙන්න පුලුවන් කියල මෑතකදි කරන ලද පරීක්ෂණවලින් ඔප්පුවීමත් එක්කම ගොඩක් Display නිෂ්පාදකයින් තමන්ගෙ නිෂ්පදන වලට Low blue light filtering එකතු කරන්න පටන්ගත්ත. නමුත් මේකෙ ප්‍රතිඵලයක් විදිහට කහපාට වැඩි ගතියක් ඇතිවෙනව.
නමුත් Asus EYECARE යටතේ මේ Blue Light filter එක පාවිච්චි කරද්දි Display එකේ පාටවල වෙනසක් ඇහැට පෙනෙන්නෙ නැති තරමට ඒක හදල තියෙනව. ඉතින් දවසින් වැඩි හරියක් Display එක ඉස්සරහ ඉන්න අයට මේ Feature එක සෑහෙන වැදගත් වෙනව.
IPS
Asus VZ229 Display එක අගල් 22ක 1080p resulution තියෙන IPS panel එකක් පාවිච්චි කරන නිසා අඩු ඉඩකඩක් ඇතුලත පාවිච්චි කරන්න පුලුවන් Graphic / video / gaming වගේම Office වැඩ වලටත් පාවිච්චි කරන්න පුලුවන් All rounder entry level display එකක් වෙනව.
Border-less Design

Monitor Panel එක full flushed design එකක් තමයි තියෙන්නෙ. ඒ උනාට Monitor එක on කරාම පුංචි 5mm border එකක් තියෙනව.
Sounds
Built in 1.5w Stereo speaker system එක නිසා සාමාන්‍ය මට්ටමේ Sound එකක් මේකෙන් ලැබෙනව.
Ports

- HDMI port
- D-Sub / VGA port
- Audio Jack
- Power Connector
- Kensington Lock
Office / Graphic Design / Video Editing / Gaming වලට budget එකට ගැලපෙන IPS LED monitor එකක් තමයි Asus VZ229 කියන්නෙ.














සුපිරි Article එකක්..
තව ඕන්
මටත් දැනගන්න ඕන pc එකකින් pubg ගේම් ගහන්න මිනිමන් රැම් එක කියක් තියෙන්න ඕනද කියලා දැනගන්න
නියමයි සහෝ….
aiye mata meka ganna udawwak karannako