Home Tech News Explained අළුත් App මිලියන දෙකක් Reject කල Apple App Store
ExplainedsoftwareTech News

අළුත් App මිලියන දෙකක් Reject කල Apple App Store

Share
blank
Share

Apple සමාගමෙන් පලමු වතාවට ඔවුන්ගේ App Store එක පිලිබද දත්ත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනව. එම වාර්තාව ඔවුන්ගෙ සමාගම් වෙබ් අඩවියෙ ප්‍රසිද්ධ කර තිබෙනව. එම වාර්තාවට අනුව 2022 වනවිට ඇප් ස්ටෝර් එකෙ ඇප්ස් 1,783,232 තිබෙන බව දැක්වෙනව.

ඒවගේම නව ඇප් සහ තිබෙන ඇප් වල නව අප්ඩේට් සදහා ඇපල් සමාගම වෙත එවා තිබෙන submissions ගනන 6,101,913 වෙනව. ඒ අතරින් ඔවුන් 1,679,694 ප්‍රතික්ශේප කර තිබෙනව. මිලියන දෙකකට ආසන්න ඇප් සංක්‍යාවකට ඇප් ස්ටෝර් වෙත එක්වීමට නොහැකි වී තිබෙන්නෙ එම ඇප් ඇපල් සමාගමෙ නීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම නිසා. ඒවගේම නීතිමය හේතු මත තවත් ඇප් 441,972 ප්‍රතික්ශේප කර තිබෙනව.

ඇප් ස්ටෝර් එකෙ තිබුනු ඇප් අතරින් 186,195ක් 2022 ඇපල් සමාගම ඉවත් කර තිබෙනව. ඒ අතරින් ඇප්ස් 1,435ක් චීනයෙන් නිකුත් කර තිබෙන ඇප්ස්.

2022දි ඇපල් iPhone, iPad සහ Mac පරිශීලකයන් ඇප් ස්ටෝර් එකෙන් සෑම සතියකම ඇප්ස් 747,873,877 පමන සංක්‍යාවක් බාගත කරගෙන තිබෙනව. ඇපල් සමාගම මින් ඉදිරියට දිගටම ඇප් ස්ටෝර් එක පිලිබද දත්ත වාර්තා ප්‍රසිද්ධ කරන බවට නිවේදනය කර තිබෙනව. ඒ ඇප් ස්ටෝර් එකෙ සංවර්ධකයන් සමග ඇති කරගත් ගිවිසුමකට අනුවයි.

ඇපල් සමාගම තවදුරටත් පවසා තිබුනෙ ඉදිරියෙදි විවිධ හේතූන් මත ප්‍රතික්ෂේප කරන ලද ඇප්ස් සංඛ්‍යාව, අක්‍රිය කර ඇති පාරිභෝගික සහ සංවර්ධක ගිණුම් සංඛ්‍යාව, search queries සහ යෙදුම් සමාලෝචන ක්‍රියාවලිය පිළිබඳ දත්ත වාර්තා බෙදාහදා ගන්නා බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...