Home Tech News දැන් වෙබ් එකෙනුත් බාවිතා කරන්න පුලුවන් Apple Maps
Tech News

දැන් වෙබ් එකෙනුත් බාවිතා කරන්න පුලුවන් Apple Maps

Share
blank
Share

Apple සමාගම පසුගිය දිනක නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනෙ ඔවුන්ගෙ Apple Maps සේවාව දැන් web browser එක ඔස්සෙ බාවිතා කිරීමට හැකි බවයි.

Google maps වල මේ ආකරයට web access තිබෙන්නෙ බොහෝ කලක ඉදන්. ඉතින් Google maps වලට තරගයක් දීම සදහායි මේ ආකාරයට Apple සමාගම web browser එක මගින් එම සේවාව බාවිතා කරන්න ඉඩ ලබාදීල තියෙන්නෙ. එය දැන් public beta සංස්කරණයක් ලෙස තිබෙනවා.

මෙම සේවාව Mac පරිගණක වලදි නම් Safari සහ Chrome browser සමග හොදින් වැඩ කරනවා. ඒවගේම Windows පරිගනක සදහා Edge සහ Chrome වල මෙය හොදින් ක්‍රියාත්මක වෙනවා. Apple සමාගම ඉදිරියේදී වෙනත් browser වලට සහය ඉක්මනින් ලබාදෙන බව පවසා තිබෙනවා.

මෙම සේවාව දුරකතන වල වැඩ කරන ආකාරයටම පරිගණක වලත් වැඩ කරනවා. එයින් driving සහ walking direction ලබාගන්න පුලුවන්. ඒවගේම ඉදිරියේදී 360 panoramic view විශේෂාංගය එනම් Google street view වැනි විශේෂාංගයක් හදුන්වා දෙන බව පවසා තිබෙනවා.

Apple විසින් සංවර්ධකයින්ට වෙබයේ සිතියම් වෙත extension සම්බන්ධ කළ හැකි බව පවසා තිබෙනවා. ඔවුන්ගේ පරිශීලකයින්ට රිය පැදවීමේ දිශාවන් ලබා ගැනීමට, සවිස්තරාත්මක ස්ථාන තොරතුරු බැලීමට සහ තවත් දේ කිරීමට මෙමගින් පුලුවන් වෙනවා.

මෙම web version එක පැමිනෙන්නෙ පලමු iphone එක එක නිකුත් කර වසර 12කට පසුවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...