Home Tech News Display නැති Smart Phone එක
Tech News

Display නැති Smart Phone එක

Share
blank
Share

කෘත්‍රිම බුද්ධි යෙදුම් භාවිතා කිරීමට නැඹුරු වෙමින් සිටින මෙම යුගයට ගැළපෙන ස්මාට්ෆෝනය වශයෙන් දැන් බොහෝ දෙනා හඳුන්වා දෙන්නේ, පසුගිය 2023 නොවම්බර් 16 වැනිදා එළි දක්වා, ඇනවුම්පිට මේ වසරේදී නිකුත් කරන, ඒඅයි පින් (AI Pin) නම් අපූරු උපාංගයයි. කලින් ඇපල් සමාගමේ විවිධ නිෂ්පාදන වෙනුවෙන් වැඩ කළ අය ගණනාවක් සේවය කරන, ඇමෙරිකාවේ Humane නම් සමාගම මෙම උපාංගයේ නිෂ්පාදකයාය.

මෙම ඒඅයි පින් ස්මාට්ෆෝනය, ඇඳුමෙහි පළඳා ගෙන යා හැකි තරම් කුඩා, සැහැල්ලු හතරැස් උපාංගයක්. බර ග්‍රෑම් 34ක් පමනයි. කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්. ඒ බැටරිය සහ කොම්පියුටරය වශයෙන්. කාර්යාලයක වැඩ කරන විටදී නම් මේසයේ තැනක හෝ ඕනෑනම් පරිගණක තිරයේ පැත්තකින් වුවත් රඳවා වැඩ ගන්නට පුළුවන් තරම් කුඩායි. කැමරා, ප්‍රොජෙක්ටර්, සංවේදක, ස්පීකර් යනාදී සැම දෙයක්ම මෙහි අඩංගුයි. නැත්තේ ඩිස්ප්ලේ තිරය පමණයි. ඒ වෙනුවට මෙහි තිබෙන ප්‍රොජෙක්ටරයෙන් අල්ල මතට ස්මාට්ෆෝන් මෙනු එක ප්‍රක්ෂේපණය කරනව. එවිට ඇඟිලි හසුරුවමින් එය පාලනය කරන්න පුලුවන්.

වෙනත් ස්මාට්ෆෝන්වලට යොදන ස්නැප්ඩ්‍රැගන් වර්ගයේ ප්‍රොසෙසරයකින් ක්‍රියාත්මක වෙන මෙය සාමාන්‍ය ස්මාට්ෆෝනයක් තරම්ම බල සම්පන්නයි. චැට් ජීපීටී යෙඳුම් මෙන්ම බින්ග් සර්ච් එන්ජිමෙහි භාවිතා කරන කෘත්‍රිම බුද්ධි යෙඳුම් සියල්ල මෙහි ක්‍රියාත්මක වෙනව. මෙය පණ ලබන්නේ කොස්මස් ඕඑස් (gocosmos.org) මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංස්කරණයකින්.

කට හඬින් දෙන විධාන පිළිපදිමින් ක්‍රියාත්මක වෙනව. එනම්, යම් ඇමතුමක් ලබා ගන්නට ඕනෑවුණු විට, නම හෝ අංකය කියූ සැණින් ඒඅයි පින් උපාංගය ක්‍රියාත්මකවී දුරකතන ඇමතුම ලබා දෙයි. ගීතයක් අසන්නට ඕනෑවුණු විට එය ඉල්ලා සිටීම පමණක් ඇති. අන්තර්ජාලය හා සම්බන්ධ වෙන ඒඅයි පින් උපාංගය, එය සොයා වාදනය කරවනව. මෙහි හඬ ඉතා පැහැදිලියි. බ්ලූටූත් හෙට්සෙට් එකකින් වුව ඇසිය හැක. එපමණක් නොව යම් තැනකට යා යුතු යැයි කී විට, ඉබේම ගූගල් මැප් හෝ වෙනත් කැමති සේවයකට පිවිස, මාර්ග විස්තරය කියවනව. එය අනුදැන ගමනාන්තයට යන්න පුලුවන්.

ඒ අයි පින් උපාංගය, සාමාන්‍ය ගැජට් වර්ගයේ එකක් නෙවේ. වසර 2023 දී ජාත්‍යන්තර ටයිම් සඟරාව ලොව හොඳම සොයා ගැනීම් දෙසියයක් නම් කරා. Ai Pin උපාංගය ඉන් එකක්. එය නිර්මාණය කර තිබෙන්නේ කලක් තිස්සේ ඇපල් සමාගමේ නිර්මාණ කටයුතු මෙහෙයවූ ඉංජිනේරු කණ්ඩායමක් විසින් වසර ගණනාවක් තිස්සේ කළ සැලසුම්වලට අනුවයි.

මෙම කටයුතුවල මූලිකයා ඉම්රාන් චන්ද්‍රි නම් වෙනව. හේ 1995 සිට 2017 දක්වා වසර විස්සක් පමණ කාලයක් තිස්සේ ඇපල් සමාගමේ මැකින්ටොෂ්, අයිපොඩ්, අයිපෑඩ්, ඇපල් වොච්, එයාපොඩ්, හොම්පොඩ්, අයිෆෝන් යනාදී ප්‍රකට නිමැවුම් සැලසුම් කිරීමේ කණ්ඩායමේ මූලිකයෙක්. ඇපල් සමාගම යටතේ ටච් ස්ක්‍රීනයද ඇතුළුව ඔහුගේ නම සඳහන් පේටන්ට් බලපත් ගණන දෙදහසකට වැඩියි. ඔහු 2017දී ඇපල් සමාගමෙන් ඉවත්ව, හියුමේන් සමාගම පිහිටුවා ගත්තා. ඒ ඇපල් සමාගමේ හිටපු මෘදුකාංග ඉංජිනේරු අධ්‍යක්ෂ, බෙතනි බොන්ජියොර්නෝ සහ ඇපල් සමාගමෙන් ඉවත්වූ තවත් ඉංජිනේරුවන් රැසක් සමඟින්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...