Home Games අලුත්ම Battlefield 2042 ගැන විස්තර
GamesTech News

අලුත්ම Battlefield 2042 ගැන විස්තර

Share
blank
Share

කටකතා සහ leaks කිහිපයකටම පස්සෙ EA සමාගම විසින් තමන්ගෙ අලුත්ම Battlefield ගේම් එක ගැන විස්තර නිකුත් කරල තියනවා. මේ අලුත්ම Battlefield ගේම් එක නම් කරල තියෙන්නෙ Battlefield 2042 කියන නමින්. අනාගත කාලයේ ආයුධ, අනතුරුදායක සහ වෙනස් වෙන කාලගුණ තත්වයන් වගේම මේ ගේම් එක ක්‍රීඩකයන් 128 දෙනෙක් දක්වා එකවර සහය දක්වනව කියල EA සමාගම ප්‍රකාශ කරල තියනවා.

Battlefield 2042 ගේම් එක PC වලට වගේම PlayStation 5, Xbox Series X/S, PlayStation 4, සහ Xbox One කියන සියලු console වලටත් නිකුත් වෙන්න නියමිතයි. PlayStation සහ Xbox versions වල ක්‍රීඩකයන් සීමාව 64ක් දක්වා අඩු කරල තියනවා. මේ අලුත් Battlefield ක්‍රීඩාවෙ single player campaign එකක් නෑ, ඒ වෙනුවට විවිධ යුධ තේමාවන් ඔස්සෙ AI හෝ සැබෑ කණ්ඩායම් සාමාජිකයන් සහ සතුරන් සමග වඩා තත්වික විදිහට මේ ක්‍රීඩාව play කරන්න අවස්ථව ක්‍රීඩකයාට ලැබෙනවා.

මේ trailer එකේ විදිහට ඉතා දියුණු ආයුධ සහ customization ප්‍රමාණයක් අපිට අලුතෙන් දැකගන්න ලැබේවි. ඒ වගේම Boston Dynamics සමාගමේ Spot වැනි රොබෝ යන්ත්‍රත් මේ ගේම් එකේදි දකින්න ලැබෙන බව අපිට trailer එක බැලුවාම තේරෙනවා. Battlefield ගේම්ස් වලට විශේෂ නවීන tanks, planes සහ drones වගේ දේවලුත් පාලනය කිරීමේ අවස්ථාව ක්‍රීඩකයාට ලැබෙනවා.

EA සමාගම පලමු වරට තමා මේ විදිහට එකවර ක්‍රීඩකයන් 128 දෙනෙක්ව එක match එකකට සම්බන්ධ කරන්නෙ. ඒ නිසා මේ අලුත් ගේම් එකේ maps පවා විශාල කරල තියනවා. ආරම්භයේදී Battlefield 2042 සඳහා maps 7ක් නිකුත් කරන්න නියමිතයි. එක match එකකදි මේ එක map එකක් කොටස් වලට බෙදල එක් එක් කොටස තුල mini-Battlefield විදිහට ක්‍රීඩකයාට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා. මේ එක් එක් කොටස් යටත් කරගෙන points එකතු කරගන්න ඕන. මේ standard Battlefield කියන mode එක.

මීට අමතරව Battlefield 2042 ගේම් එකේ තවත් modes 2ක් ආරම්භයේදි තියේවි, ඒ Hazard Zone සහ DICE LA. ඉදිරියට තවත් maps සහ විවිධ contents, Seasons වලින් හඳුන්වාදෙන්න නියමිතයි. Battlefield 2042 ඔක්තෝබර් 22 නිකුත් කිරීමට තමා සැලසුම් කරල තියෙන්නේ. ඒ උනත් EA සමාගම තෝරාගත් පිරිසකට ජූලි මාසයේම Beta testing එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. දැන් ලැබෙන ආරංචි විදිහට මේ ගේම් එකේ මිල PC සහ PlayStation 4 සඳහා $59.99 සහ PlayStation 5, Xbox Series X සඳහා $69.99 වේවි. මේ ගේම් එක ගැන තවත් විස්තර ජූලි 22 තියෙන EA Play Live event එකේදි බලාගන්න පුලුවන් වෙයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...