Press ESC to close

දැන් Wear OS සදහාත් සහය දක්වන WhatsApp

WaBetaInfo මගින් දක්වා තිබෙන තොරතුරු වලට අනුව ලොව තිබෙන විශාලතම පරිශීලකයන් පිරිසක් සිටින ඇප් අතරින් එකක් වන WhatsApp, Wear OS සහිත ස්මාට් වොච් සදහා ලගදීම නිකුත් වෙනව. දැනට WhatsApp සමාගම මෙය Wear OS 3 තිබෙන උපාංග වන Galaxy Watch 5, Pixel Watch සහ තවත් මාදිලි කිහිපයක පරීක්ශා කරගෙන යනව.

දුරකතන වල තිබෙන WhatsApp මෙන්ම මෙහිද recent chats සහ contacts පෙන්වන අතර voice සහ text messages යැවීමේ පහසුකමත් ලබාදී තිබෙනව. මෙය බාවිතා කිරීමට නම් දැනට ඔබේ දුරකතනයේ WhatsApp Beta version එකක් තිබීම අනිවාර්ය වෙනව. ඔබේ වොච් එකට මෙය install කිරීමෙන් පසු ඉලක්කම් සහ අකුරු අටක කේතයක් දැක්වෙන අතර එය ඇතුලත් කල විට ඔබේ ගිණුම එයට sync වීම සිදුවෙනව.

Get Your Site Up with A2 Hosting

මෙහි ඕනෑම සංවාදයක් ක්ලික් කිරීමෙන් තනි පුද්ගල හෝ කණ්ඩායම් වල conversationsහි පණිවිඩ, යවන ලද පින්තූර යනාදිය පෙන්වනව. එක් එක් conversations වලට පිලිතුරු යැවීමට ඔබට පද්ධති යතුරුපුවරුව භාවිතයෙන් හඬක් හෝ කෙටි පණිවිඩයක් යැවීමට තෝරාගන්න පුලුවන්. ඒ හා සමානව, ඔබට දැනට පවතින හෝ ලැබුණු ඕනෑම පණිවිඩයක් බැලීමට හෝ සවන් දීමටත් පුලුවන්.

නොකියවූ පණිවිඩ පෙන්වීමට WhatsApp වෙතින් ඔබගේ ඔරලෝසුවේ home page එකෙහි circular complication එකක් ඉදිරිපත් කර තිබෙනව. ඒවගේම මෙහි ඉක්මනින් සම්බන්ධ වියයුතු පුද්ගලයන්ගෙ conversations තබාගැනීමට වෙනම tiles දෙකක් ලබාදී තිබෙනව.

මෙය බාවිතා කිරීමට ඔබේ දුරකතනයේ සහ ඔබේ වොච් එකෙ  WhatsApp beta version 2.23.10.10+ තිබිය යුතු වෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *