Press ESC to close

WhatsApp වෙතින් හදුන්වා දෙන නවතම Channels විශේෂාංගය

WhatsApp විසින් ඔවුන්ගෙ නවතම විශේෂාංගය වන WhatsApp Channels එලිදැක්වූවා. මෙමගින් චැනල් එකෙ ඇඩ්මින් හට තමන්ගෙ ෆලෝවර්ස්ලා සදහා broadcasts නිකුත් කිරීමේ හැකියාව තිබෙනව. මෙය text, photos, videos, stickers සහ polls යන විවිද ආකාරයෙන් සිදුකරන්න පුලුවන්.

මෙහි Broadcasting accounts තිබෙන අයට තමන්ගෙ චැනල් එක ෆලෝ කලයුත්තෙ කවුරුන්දයන්න පිලිබදව තීරනය කිරීමෙ හැකියාව තිබෙනව. ඒවගේම තමයි මෙම චැනල් ෆලෝ කරන පුද්ගලයන්ගෙ දුරකතන අංකය එම චැනල් එකෙ ඇඩ්මින්ට හෝ වෙනත් ෆලෝවර්ස්ලට බැලීමෙ හැකියාවක් නැහැ.

Get Your Site Up with A2 Hosting

මෙම නව විශේෂාංගය Updates නම් නව ටැබ් එක තුල තිබෙනව. මෙම ටැබ් එක තුල ඔබ ෆලෝ කරන චැනල්ස් පෙන්වන අතර එය පරිශීලකයන්ගෙ පෞද්ගලික චැට් වලින් වෙන්කර තිබෙනව. මෙම විශේෂාංගය බාවිතා කරන්න බලාපොරොත්තු වෙන පරිශීලකයන්ට ඉදිරියෙදි තමන්ගෙ චැනල් එක monetize කිරීම සදහා payment services එක් කිරීමක් කිරීමටත් WhatsApp විසින් කටයුතු කරනව.

මෙම චැනල් වල හුවමාරු වෙන පනිවිඩ සදහා end-to-end encrypted පහසුකම නැත.

මෙම WhatsApp චැනල්ස් විශේෂාංගය දැනටමත් Telegram වල බාවිතා වෙන චැනල්ස් විශේෂාංගයෙ ආකාරයටම නිර්මානය කර තිබෙනව. මෙටා සමාගම විසින් පසුගිය මාසයෙදි Broadcast Channels විශේෂාංගය Instagram සදහාත් හදුන්වා දුන්න. මෙම නව විශේෂාංගය දැනට සියලුම පරිශීලකයන් සදහා නිකුත් නොකරන අතර එය ඉදිරි මාස කිහිපයෙදි සියලු දෙනාටම බාවිතා කල හැකි ආකාරයට නිකුත් කරන බව මෙටා සමාගම පවසා තිබුන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *