Sniper: Ghost Warrior 3

CI Games විසින් නිකුත් කරන Sniper game මාලාවේ 3න් වෙනි නිකුතුව තමයි Sniper: Ghost Warrior 3. මේ First person tactical shooter Game එකට පදනම් වෙන්නෙ ජෝර්ජියාවෙ පටන් ගන්න යුද්දයක්. ඊට මූලික වෙන හේතුව නැති කරන්න එහාට යවන American marine sniper Captain Jonathan විදිහට තමයි game එක play කරන්න තියෙන්නෙ. 2017 අප්‍රේල් මාසෙ නිකුත් කරන්න නියමිත මේ game එක Windows, Play station 4 සහ Xbox one වලට නිකුත් වෙනව.

Cryengine එකෙන් හදල තියෙන Sniper: Ghost Warrior 3 කියන්නෙ මීට කලින් නිකුත් කරපු sniper game වලට වඩා වෙනස්, open world type එකට හදපු game එකක්. ඒ කියන්නෙ main mission එක එක දිගටම play කරන්නෙ නැතුව playerට ඕන විදිහට game world එකේ විහිදිල තියෙන war crimes කියන  side missions ගහන්නත් පුලුවන්. ඒ වගේම තමන්ට දීල තියෙන mission එක හොදට study කරල ඕන නම් කිසි සද්දයක් නැතුව stealth විදිහටත්, එහෙම නැත්නම් කෙලින්ම Gun & Run style එකකටත් එහෙමත් නැත්නම් sniper rifle සහ drones වගේ gadgets පාවිච්චි කරලත් missions complete කරන්න හැකියාව තියෙනව.

Review Sri Lanka කියන්නෙ ලංකාවෙ තියෙන භාන්ඩ හා සේවා ගැන අපේ අදහස් කියන්න පුලුවන් තැනක්. www.reviewsrilanka.com

Sniper: Ghost Warrior 3 වල තවත් විශේෂත්වයක් වෙන්නෙ කොයිම වෙලාවකදිවත් mission එකක main objective එක මොකක්ද කියල පෙන්නන්නෙ නැති එක. main objective එක හොයාගන්න playerට intel gathering missions ගහන්න වෙනව. මේ හරහා තමයි main objective එක හොයාගන්න වෙන්නෙ. මේ වගේ intel gathering mission වලට තමන්ගෙ drone එක පාවිච්චි කරන්න player ට පුලුවන්. ඒ වගේම sniper Rifle එක පාවිච්චි කරද්දි target එකට තියෙන දුර wind speed & direction වගේම player ගෙ හුස්ම ගැනීමෙ වේගය වගේ දේවලුත් බලපානව. දුවගෙන ගිහින් එකපාර accurate shot එකක් ගන්න ඒ නිසා අමාරු වෙනව.

Realism ගැන වැඩි උනන්දුවක් එක්ක හදල තියෙන Sniper: Ghost Warrior 3 game එකේ dynamic weather system එකක් සහ day & night cycle එකක් තියෙනව. මේ නිසා වැස්ස අදුර වගේ දේවල් වලින් mission එකකට උපරිම ප්‍රයෝජන ගන්න playerට පුලුවන්. මේ වගේ ගොඩක් features එක්ක නිකුත් කරන්න යන game එක CL game studio එකේ පලමු AAA title එකයි. වැඩිපුර දේවල් හොයන්න කලින් game trailer එකත් බලල යන්න.

Tech lover, unboxing, review & creative. pcguide.lk
Please follow and like us:

1 Comment

Leave a Reply

Your email address will not be published.


*