Press ESC to close

Asus Maximus IX Hero Motherboard Unboxing

Gaming වලට උපරිම performance ඕනෙද? එහෙනම් මෙන්න අලුත්ම 7th Generation intel chipset එකත් එක්ක එන Asus ROG Maximus IX Hero unboxing එක. ASUS Premium segment එකේ entry level product එකක් උනත් Asus Maximus IX Hero motherbard එක high performance සහ options වලින් උපරිමයට අඩංගු product එකක්.

Unboxing Package එක

Get Your Site Up with A2 Hosting

මේ high end motherboard pack එකේ budget motherboard එකකට වඩා ගොඩක් දේවල් තියෙනව.  pack එකේ

  • Asus Maximus IX Hero Moherboard එක
  • User manual එක
  • Motherboard Diagram එක
  • Sticker sets 2ක්
  • Back IO panel එක
  • SATA Cable 4ක්
  • SLI Bridge එකක්
  • 3D printer mount එකක්
  • Table matte එකක්
  • CPU fixing tool එකක්
  • softwre / Driver DVD එක
  • LED power cable 2ක්
  • Cable mod 20% discount code එකක් තියෙනව.

මේ  premium pack එකක් කියන හැගීම මේ අමතර දේවල් වලින්ම පේනව. මේ motherboard එකේ අපි කරපු unboxing Video එකත් බලන්න.

Features

Motherboard එකේ තියෙන්නෙ  intel සමාගම එයාලගෙ 7th generation kaby lake processor වලට නිකුත් කරපු options වැඩිම high end chipset එක වෙන intel Z270 chipset එක. Motherboard එක over clocking වලට සහ 3 way SLI, 3 way cross Fire වලට support කරනව. Overclock කරන්න නම් intel core i5 / core i7 (K) Processor එකක් ගන්න වෙනව.

Asus Maximus IX Hero motherboard එකේ Dual channel DDR4 slots 4ක් තියෙනව. මේ slot වලට 4133 MHz දක්වා overclock කරපු RAM support කරනව වගේම intel XMP technology එකටත් support කරනව. ඒ වගේම M2 Flash memory slot 2ක් තියෙනව. SATA port 6කුත් තියෙනව.

3D print කරපු custom parts motherboard එකට connect කරන්න ඕන කරන mount එකත් pack එකේ තියෙනව. Asus තමයි මේ විදිහට 3D printed parts වලින් board එක customize කරන්න options දෙන පළවෙනි manufacturer.

Asus one Click overclocking කියන feature එකෙන් පහසුවෙන් overclock කරන්න පුලුවන්කම වගේම Asus Aura Sync RGB LED වලින් Board එකේ වගේම computer එකේ අනික් Aura Sync support කරන components වලත් lighting control කරන්න පුලුවන්. Future proofing වලට එකතු වෙන තවත් දෙයක් තමයි USB 3.1 Type A සහ Type C ports, USB 3 වලට වඩා දෙගුණයක data transfer rate එකක් දෙන මේ port තමයි අලුත්ම Electronic devices වල තියෙන්නෙ.

Asus Q Code කියන්නෙ මේ Maximus IX HERO එකට එන තවත් වැදගත් feature එකක්. System එකේ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මේ LED panel එකේ code එකක් display වෙනව. manual එකෙන් code එකට අදාල කාරණය හොයාගෙන ලේසියෙන්ම trouble shooting පටන් ගන්න මේ නිසා පුුලුවන්.

Water cooling වලටම එන Tachometer, Thermal sensor inputs වෙනම තියෙනව. මේක Water cooling පාවිච්චි කරන අයට වැදගත් වෙන දෙයක්. water cooling unit එකට මේ readings වලින් කාර්යක්ෂමව වැඩ කරන්න පුලුවන් වෙනව.

තවත් වැදගත් දෙයක් තමයි Asus MAXIMUS IX HERO එකේ එන onboard Audio quality එක. Gold plated කරල එන Audio connectors වලින් පටන් ගත්තම, SupremeFX S1220 codec එකක් සහ ESS® Sabre Hi-Fi ES9023P digital-to-analog converter එකක් එක්ක එන මේ board එකේ onboard Audio වලටම Texas Instruments® RC4580 op-amp chip එකක් එකතු කරලයි තියෙන්නෙ. සුපිරිම Sounds අත්දැකීමක් ගන්න මේ නිසා පුලුවන් වෙනව. මේ තියෙන hardware පැත්ත Asus Sonic Studio III වලින් ඔයාට ඕන විදිහට control කරන්නත් පුලුවන්.

PC එක OFF කරල තියෙද්දි එහෙමත් නැත්නම් CPU RAM නැතුව USB drive එකක් හරහා අලුත්ම BIOS update එක Flash කරන්න පුලුවන් feature එක තමයි Asus EZ update එක. System එකට Power supply එකෙන් power එක විතරක් දුන්නම හොදටම ඇති.

Asus Q connector කියන්නෙ Computers Assemble කරන අපිට තියෙන තවත් වැදගත් feature එකක්. Front panel cable ටික ලේසියෙන් මේ connector එකට plug කරල ඒක ඒක motherboard එකට connect කරන්න පුලුවන්. මේ නිසා casing එකට අමාරුවෙන් cable plug කරන්න ඕන වෙන්නෙත් නැහැ.

තවත් මේ වගේම ගොඩක් software features මේ board එකේ තියෙනව. මෙතන ලියල තියෙන්නෙ වැදගත්ම වෙන features ටිකයි.

 

Back I/O Panel එකේ අඩංගු දේවල්

Motherboard එකේ IO panel එකේ තියෙන දේවල් පිළිවෙලින්

  • Flash Bios Button
  • Reset Button – CMOS Clear කරන්න මෙතනින් පුලුවන්
  • WiFi unit එකක් හයිකරන්න ඕන කරන port එක
  • HDMI 1.4b  / Display Port 1.2 – පාවිච්චි කරන intel CPU එක අනුව මේ port වලින් 4K/ Ultra HD Video output ගන්න පුලුවන්
  • USB 2.0 ports – black color
  • USB 3.0 ports – Blue color
  • Gigabit LAN port (RJ45)
  • USB 3.1 (TYPE A port/ TYPE C port) – මේ High end board එකේ USB Type-C port එකක් තියෙනව.
  • Audio cables + SPDIF

Experience එක සහ Build Quality

Asus Maximus IX Hero Motherboard එකේ build quality එක Package box එකේ ඉදන් motherboard එක සහ දීල තියෙන Accesories දක්වා උපරිමයෙන්ම තියෙනව. Top of the line ROG segment එකට එන board එකක් නිසා ගොඩක් කල් පාවිච්චි කරන්න වගේම intel processor එකක උපරිම performance ගන්නත් පුලුවන්.

මිල

දැනට Asus Maximus IX Hero Motherboard එක අවුරුදු 3ක warranty එකක් එක්ක රු 50,000කට Nanotek Computer Solutions ලගෙන් ගන්න පුලුවන්. ඒත් prices වෙනස් වෙන නිසා (ඔයා ගන්න යද්දි අඩු වෙලා තියෙන්නත් පුලුවන් නිසා) Nanotek online Price list එකෙන් බලන්න.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *